7 ශ්‍රේණිය

2020.12.07                                   අභ්‍යාස 11

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය  කිරීම සඳහා  දෙවන සේන රජතුමා විසින් යෙදූ සෙන්පතියා කවුරුන් ද?
(02) එම සෙනෙවියා පිළිබඳ සඳහන් සෙල්ලිපිය කුමක් ද?
(03) පාණ්ඩ්‍ය දේශයේ අගනුවර කුමක් ද?
(04) සිංහල හමුදාවන් අතින් පරාජයට පත්වූ පාණ්ඩ්‍ය රජතුමා කවුරුන් ද?
(05) දෙවන සේන රජතුමා විසින් පාණ්ඩ්‍ය දේශයේ යුද්ධය ජයගත්බව තහවුරු කරන සාධක මොනවා ද?
(06) මධ්‍ය පාලනය යනු කුමක් ද?
(07) මධ්‍ය පාලනයේ ප්‍රධානියා කවුරුන් ද?
(08) අනුරාධපුර රාජධානියේ පැවති රජකම උරුමවීමේ ප්‍රධාන ක්‍රම මොනවා ද?
(09) ඉහත ක්‍රම වලට උදාහරණ දක්වන්න
(10) රජකම හිමි කුමරුට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කලේ කවර ආකාරයෙන් ද?

2020.12.04                                   අභ්‍යාස 10

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01)  ශ්‍රී මාර ශ්‍රී වල්ලභ කුමන රාජ්‍යයක  පාලකයා වී ද?
(02)   පළමුවන සේන රජු ශ්‍රි මාර ශ්‍රී වල්ලභ රජුට පරාජය වී පලාගියේ කුමන ප්‍රදේශයට ද?
(03)   ශ්‍රී මාර ශ්‍රී  වල්ලභ  හා පළමුවන සේන රජු අතර යුද්ධය අවසන් වූයේ කෙසේ ද?
(04)  පළමුවන සේන රජු විසින් සිදු කල සේවය කෙටියෙන් විස්තර කරන්න.
(05)  පළමුවන සේන රජුට පසුව රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද?
(06)  දෙවන සේන රජුගේ පියා කවුරුන් ද?
(07)  පළමුවන සේන රජු හා දෙවන සේන රජුගේ පියා අතර පැවති සම්බන්ධතාවය කුමක් ද?
(08)  දෙවන සේන රජුගේ පියාගේ මරණය සිදුවූ ආකාරය විස්තර කරන්න.
(09) දෙවන සේන රජුගේ අතින් ඉටුවූ සමාජ මෙහෙවර සඳහන් කරන්න.
(10)  දෙවන සේන  රජුගෙන් උපකාර පතා පැමිණි පාණ්ඩ්‍ය කුමරා කවුරුන් ද?


2020.05.19                                   අභ්‍යාස 09

7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා



2020.05.11                                   අභ්‍යාස 08

2 පාඩම
7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01) මානවම්ම කුමරු රජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(02) මානවම්ම කුමරු රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් පරාජයට පත්කිරීමෙන් ද?
(03) මානවම්ම රජු විසින් ඉටුකල වැදගත් සේවාවන් මොනවා ද?
(04) මානවම්ම කුමරු රජවීමට පෙර මෙරට පැවතියේ කෙසේ ද?
(05) දෙවන දප්පුල රජු අයත් රාජ වංශය කුමක් ද?
(06) පළමුවන සේන රජුගේ පියා කවුරුන් ද?
(07) නව වන අග්ගබෝධී රජුගේ පියා කවුරුන් ද?
(08) දෙවන දප්පුල රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද? 
(09) පළමුවන  සේන රජුට පෙර රාජ්‍යත්වය දැරුවේ කවුරුන් ද?
(10) පළමුවන සේන රජුගේ පාලන කාලයේ දී ලංකාවට එල්ලවූ ආක්‍රමණය කුමක් ද?

2020.05.09                                   අභ්‍යාස 07

2 පාඩම
7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) වසභ රජු අයත්වන්නේ කුමන රාජ පෙළපතටද?
(02) ධාතුසේන රජු අයත් වනුයේ කුමන රාජ්‍ය වංශයට ද?
(03) රජරට ශිෂ්ටාචාරය තුල බලය සඳහා අරගල කළ රාජ්‍ය පෙළපත් මොනවා ද?
(04) රජරට රාජ්‍යත්වය ලබා ගැනීම සඳහා  ප්‍රධාන රාජ්‍ය පෙළපත් අතර අරගලය පැවති සමයේ, මෙරට  දේශපාලනය මෙරට දේශපාලනය පැවතියේ කෙසේ ද?
(05) මානවම්ම රජුගේ පියා කවුරුන් ද?
(06) මානවම්ම කුමරු ඉන්දියාවට පලායාමට බලපෑ හේතුව කුමක් ද?
(07) ආරක්ෂාව පතා මානවම්ම කුමරු පලා ගියේ ඉන්දියාවේ කුමන ප්‍රදේශකටද?
(08) රාජ්‍යත්වය ලබා ගැනීමමේ දී මානවම්ම කුමරුන්ට පළමුවරට සහාය ලබා දුන්නේ කවුරුන් ද?
(09) රජකම ලබා ගැනීම සඳහා මානවම්ම කුමරුන් සිදුකල පළමු උත්සාහය අසාර්ථක වුයේ කුමන හේතුව නිසාවෙන් ද?
(10)  දෙවන වරට රජකම ලබා ගැනීම සඳහා උත්සාහ කරන තෙක්  මානවම්ම කුමරු ඉන්දියාවේ  රැදී සිටි කාලය කොපමණ ද?


2020.05.03                                   අභ්‍යාස 06

1 පාඩම
7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) සමාජය තුල විවාහය වැදගත් වන්නේ කුමක් නිසාද?
(02)  දියණිවරුන්ට සූපශාස්ත්‍රයේ නිපුණ කරවීම දෙමාපිය වගකීමක් බව දැක්වෙන මූලාශ්‍රය කුමක් ද?
(03)  අශෝකමාලාවන් ප්‍රණීතව ආහාර සකස් කළ කාන්තාවක් බව සඳහන් මූලාශ්‍රය කුමක් ද?
(04)  සූප ශාස්ත්‍රයෙහි ප්‍රගුණ කාන්තාවන් මූලාශ්‍රවල දක්වා ඇත්තේ කුමන නමින් ද?
(05)  අතීත ජනතාව ඉටුකල අවමංගල  චාරිත්‍ර 03ක් දක්වන්න.
(06) පණුඩුකාභය රජු ක්‍රමවත්ව සුසාන පවත්වා ගැනීමට කටයුතුකළ බව සඳහන් මූලාශ්‍රය කුමක් ද?
(07) මහාවංශයේ සඳහන් වන පරිදි සිය දෑතින් තම මවට උපකාර කළ රජු කවුරුන් ද?
(08)  අතීත ජන සමාජයෙන් වර්ථමාන සමාජයට ගත හැකි ආදර්ශ 03ක් සඳහන් කරන්න.

2020.04.30                                   අභ්‍යාස 05

1 පාඩම
7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) ශ්‍රී ලංකාව අතීතයේ දී වෙළඳ සබදතා පැවැත්වූ  රටවල් 5ක් නම් කරන්න .
(02) ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට අපනයන කල වෙළඳ ද්‍රව්‍ය 5ක් නම් කරන්න .
(03) අතීතයේ දී විදේශයෙන් ලංකාවට ආනයනය කල වෙළද  ද්‍රව්‍ය මොනවාද ?
(04) ශ්‍රී ලංකාවේ පැවති  පැරණි වරායන් තුනක් නම් කරන්න .
(05) භාතිකාභය රජුවිසින් රුවන්වැලි සෑය අලංකාර කිරීමට පබළු ගෙන්වුයේ කුමන රටින් ද ?
(06)  අතීත ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් වෙළඳ නැවු පැමිණි රටවල් මොනවාද ?
(07)  ශ්‍රී ලංකාවේ ශක්තිමත් නැවු තිබු බව සනාථ වන කරුණු මොනවාද ?
(08) සංස්කෘතිය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(09) ශ්‍රී ලංකාවේ මහින්දාගමනයෙන්  පසු ඇති වූ වෙනස්කම් මොනවාද ?
(10) ඇත්තම් ක්‍රමය යනු කුමක් ද ?
(11) අතීතයේ ක්‍රියාත්මක වූ අත්තම් ක්‍රමය මගින් සිදුවූ යහපත් ප්‍රථිපල මොනවා ද?
(11)  ශ්‍රමිකයෙකු ලෙස ඇත්තම් ක්‍රමයට සම්බන්ද වූ රජු කවුරුන් ද ?

2020.04.27                                   අභ්‍යාස 04

1 පාඩම
7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01)රටක වෙළඳාම ප්‍රධාන කොටස් දෙකකි.ඒ මොනවා ද?
(02) ශ්‍රී ලංකාවේ කාසි භාවිතයට පෙර පැවතී වෙළඳක්‍රමය කුමක් ද ?
(03) අතීතයේ දී  වෙළඳනගර හැඳින්වූයේ කෙසේද ?
(04) ලංකාවේ පැවතී  ප්‍රධාන වෙළඳ නගර දෙකක් දක්වන්න .
(05) වෙළදාමට සම්බන්වධ සිටි පිරිස් පිහිටුවාගත් සංවිධාන හැඳින්වූයේ කෙසේ ද ?
(06) අතීතයේ මෙරට පැවතී වෙළඳ සංවිධාන දෙකක් නම් කරන්න .
(07) වෙළඳ ගම්මාන හැඳින්වූයේ කෙසේ ද ?
(08) මිට වසර දෙදහසකට පමණ පෙර භාවිතා වූ මුල්මකාසි හැඳින්වුයේ කෙසේද ?
(09) එම කාසිය තැනීමට භාවිතාකර ඇති අමුද්‍රව්‍ය නම් කර ?එහි ඇතුලත් සංකේත තුනක් දක්වන්න.
(10)  ක්‍රි පූ  පලවන සියවසට අයත් එවැනි කාසි හමුවූ ස්ථාන දෙකක් දක්වන්න .
(11) අතීතයේ මෙරට පවතී වෙළද පොළවල් දෙකක් දක්වන්න.
(12)  හෝපිටිගමුව වෙළඳපළ පිලිබඳ සඳහන් සෙල්ලිපිය නම්කර, එය කරවූ රජතුමා දක්වන්න
(13) හෝපිටිගමුව වෙළඳපොළ සම්බන්ධයෙන් පනවා තිබූ නීති 4ක් දක්වන්න.

2020.04.26                                   අභ්‍යාස 03

1 පාඩම
7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01)  කෘෂීකර්මාන්තය හා ප්‍රවාහනය සඳහා යොදාගත් සතුන් 4 දෙනෙකු නම් කරන්න.
(02)  කිරි ලබා ගැනීම සඳහා  යොදාගත් ගව දෙනුන් හැඳින් වූයේ කුමන නමින් ද?
(03) පස්ගෝ රස නම් කරන්න.
(04)  ගෝපාල ගම් ලෙස හැඳින්වූයේ මොනවා ද?
(05) ගැල් මීවුන්, ගැල් ගොන් ලෙස හැඳින්වූයේ කුමන කටයුතු සඳහා යොදාගත් සතුන් ද?
(06)  යකඩ වැඩ කරන්නන් අතීතයේ හැඳින්වූයේ කුමන නමින් ද?
(07)  ස්වර්ණකාර, තඔකර යනුවෙන් හැදින්වූයේ කවුරුන් ද?
(08)  වලං සාදන්නන් හැඳින්වූයේ කුමන නමින් ද?
(09)  මණිකර යනු කවුරුන් ද?
(10)  සකපෝරුව යනු කුමක් ද?

2020.04.22                                   අභ්‍යාස 02

1 පාඩම
7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01)  මඩ ගොවිතැන හඳුන්වන වෙනත් නම් මොනවාද ?
(02) වැව් තැනවූ අය සෙල්ලිපි වල(ශිලා ලිපි ) හඳුන්වා ඇත්තේ කුමන නම් වලින්ද ?
(03) මින්නේරිය දෙවියන් යනු කවුරුන්ද ?
(04) වී වගා කරන ප්‍රධාන කන්න මොනවා ද ?
(05) තෝනිගල සෙල්ලිපියේ සඳහන් කන්න 3 සඳහන් කරන්න .
(06) ගොයම් ආරක්ෂාකර ගැනීමට යොදාගත් සාම්ප්‍රදායික ක්‍රම මොනවාද ?
(07)  වී වගාවේදී  භාවිතාකල උපකරණ මොනවාද ?
(08) ගොයම් කොළය ,කමත ,ගොයම් මැඩිම යන වචනයන් හි අර්ථය පැහැදිලි කරන්න. 

2020.04.18                                     අභ්‍යාස 01

1 පාඩම
7 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01)  අපේ රටේ ජනතාව අතීත නිරත වූ වෘත්තීන් 4ක් දක්වන්න
(04)   කෘෂි කර්මාන්ත ලෙස හඳුන්වන්නේ කුමක් ද ?
(03)   හේන් වගාව ලෙස හඳුන් වන්නේ කුමක් ද ?
(04)   ජාතක කතා හා සෙල්ලිපිවල හේන් වගාව හඳුන්වා ඇත්තේ කුමන නමින් ද ?
(05)   හේන් වගාව සම්බන්දධයෙන් මහාවංශයේ සඳහන් කතාපුවත විස්තර කරන්න .
(06)   හේනක් වගා කල ආකාරය විස්තර කරන්න 
(07)    නව දැලිහේනක් යනු කුමක් ද ?
(08)   හේනක්තුල වගා කල ධාන්‍ය  හා එළවලු වර්ග මොනවා ද ?
(09)   හේන් වගාව සඳහා භාවිතා කල උපකරණ මොනවා ද ?
(10)  ගිනි යාතිකාව හා හැලිකටා යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ? 

Comments

Popular posts from this blog

11 ශ්‍රේණිය පින්තූර ආශ්‍රිත කෙටි ප්‍රශ්ණ

ශ්‍රී ලංකාව ජනාවාස වීම

ගින්නලිය මහා විද්‍යාලය