8 ශ්‍රේණිය

2020.12.07                                                     අභ්‍යාස14

2  පාඩම                                                           

මහනුවර රාජධානිය

(01)  දෙවන රාජසිංහ රජුගේ පාලන සමයෙහි කැපීපෙනෙන ලක්ෂණ හතරක් කෙටියෙන් විස්තර කරන්න.
(02) දෙවන විමල ධර්ම සූරිය රජු රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(03) දෙවන විමලධර්මසූරිය රජු විසින් සිදුකල සේවාවන් හතරක් සඳහන් කරන්න.
(04) ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු  රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ දි ද?
(05)  ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු  ගෙන් අනතුරුව නායක්කර් වංශිකයින් හට උඩරට රාජ්‍යත්වය උරුම වීමට බලපෑ හේතු මොනවා ද?
(06)  නායක්කර් වංශික රජවරුන් සිව් දෙනා නම් කරන්න.
(07) ශ්‍රී විජය රාජසිංහ රජු  රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(08) ශ්‍රී විජය රාජසිංහ රජු  සිදුකල සේවාවන් මොනවා ද?
(09) කීර්ති ශ්‍රී රාජසිංහ රජු රාජ්‍යත්වයට පත්වූයේ කුමන වාර්ෂයේ ද?
(10) කීර්ති ශ්‍රී රාජසිංහ රජු  උඩරට පාලනය කල කාල සීමාවේ දී  සිදූ වූ කැපී පෙනෙන සිදුවීම් මොනවා ද?

2020.12.04                                                     අභ්‍යාස13

2  පාඩම                                                           

මහනුවර රාජධානිය

(01) ක්‍රි. ව. 1580 දී පමණ උඩරට රාජ්‍යය යටත් කරගත් රජු කවුරුන් ද?
(02) වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා කවුරුන් ද?
(03) සීතාවක රාජසිංහ රජු විසින් අවසාන කාලයේ දී වැලඳගත් ආගම සඳහන් කරන්න.
(04) කොනප්පු බණ්ඩාර උඩරට බලය තහවුරු කරගත් ආකාරය විස්තර කරන්න.
(05) විමලධර්ම සූරිය රජු උඩරට රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(06) විමලධර්මසූරිය රජු විසින් සිදු කළ සේවාවන් පහක් සඳහන් කරන්න.
(07) සෙනරත් රජු රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(08) රන්දෙනිවල සටන සඳහා නායකත්වය ලබාදුන්නේ කවුරුන් ද?
(09) සෙනරත් රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වුයේ කවුරුන් ද?
(10) මහා අස්ථාන කුමරු රාජ්‍යත්වයෙන් පසු හැඳින්වුයේ කුමන නමකින් ද?

2020.06.01                                                     අභ්‍යාස12

2  පාඩම                                                           

මහනුවර රාජධානිය

(01)  පෘතුගීසීන් ලංකාවට පැමිණෙන කාලයේ දී පහත රාජධානිිවල පාලකයින් නම් කරන්න.
        - කෝට්ටේ
        - සීතාවක
        - මහනුවර
        - රයිගම
(02) ආරම්භක අවධියේ දී පෘතුගීසීන් විසින් සබඳතා ආරම්භ කරනු ලැබූවේ කුමන රාජධානිය සමග ද?
(03) පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවධියේ දී ලංකාවේ පැවති දේශපාලන තත්ත්වය පෘතුගීසීන්ට වාසි සහගත වූ ආකාරය විස්තර කරන්න.
(04) කරලියැද්දේ බණ්ඩාරහට උඩරට පාලනය හිමිවනවාට අකමැති වූයේ කවුරුන් ද?
(05) උඩරට ප්‍රභූවරුන් විසින් කරලියැද්දේ බණ්ඩාරට විරුද්ධ වීමට බලපෑ හේතූන් මොනවා ද?
(06) කරලියැද්දේ බණ්ඩාර වෙතින් උඩරට බලය අත්පත්කර ගැනීමට උත්සාහ කළ ප්‍රභූවරයා කවුරුන් ද? ඔහු උපකාර කරනු ලැබූවේ කාහට ද?
(07) ආරක්ෂාව පතා කරලියැද්දේ බණ්ඩාර විසින් පලායනු ලබන්නේ කුමන ස්ථානයට ද?
(08) කරලියැද්දේ බණ්ඩාරගේ දියණිය කවුරුන් ද?
(09) කරලියැද්දේ බණ්ඩාරගේ බෑණා වූයේ කවුරුන් ද?
(10) භෞතිස්ම කිරීමෙන් පසු පෘතුගීසීන් විසින් පහත නම් හැඳින්වූයේ කුමන ආකාරයෙන් ද?
 - කුසුමාසන දේවිය
 - යමසිංහ බණ්ඩාර


2020.05.19                                                     අභ්‍යාස11

2  පාඩම                                                           

මහනුවර රාජධානිය

(01) මහනුවර යුගයේ ආරම්භය  සිදුවූයේ කුමන සියවසේ දී  ද?
(02) මහනුවර රාජධානිය හැඳින්වීමට යෙදූ වෙනත් නම් මොනවා ද?
(03) සෙකඩගල රාජධානිය  ස්වාභාවික ලෙස ආරක්ෂිත ස්ථානයක පිහිටා තිබූ අයුරු නිදසුන් මගින් පැහැදිලි කරන්න.
(04) ආරම්භයේ දී මහනුවර රාජධානිය යටත්ව පැවති රාජධානිය කුමක් ද?
(05) මහනුවර රාජධානිය ස්වාධීන කරගැනීමට කැරැල්ලක් මෙහෙයවූයේ කවුරුන් විසින් ද?
(06) කෝට්ටේ රාජධානිය දුර්වලවීමට පටන්ගනු ලැබූවේ කුමන රජුගේ කාලයේ දී ද?
(07) මහනුවර ස්වාධීන රාජධානියක් ලෙස පිහිටුවාගත් ආරම්භක පාලකයා කවුරුන් ද?
(08) ජයවීර බණ්ඩාර යනු කවුරුන් ද?
(09) ජයවීර බණ්ඩාරගෙන් පසුව මහනුවර රාජධානියට උරුමකරු වූයේ කවුරුන් ද?
(10) මහනුවර රාජධානියේ  රාජකීය උරුමය හිමිව තිබූ කුමරිය කවුරුන් ද?



2020.05.09                                                     අභ්‍යාස10

1 පාඩම                                                           

වාස්තුවිද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ  

(01) ශ්‍රී ලංකාවේ ආදිකාලීන සිතුවම් දැකියහැකි ස්ථාන මොනවා ද?
(02) මෙරට තුල හානියට පත් නොවූ සම්පූරණ සිතුවම් හඳුනාගත හැකි ස්ථාන මොනවා ද?
(03) සීගිරි සිතුවම් අයත්වන්නේ කුමන යුගයට ද?
(04) සීගිරි සිතුවම් නිර්මාණය කිරීමේ දී භාවිතා කල  වර්ණ මොනවා ද?
(05) පොළොන්නරු යුගයට අයත් සිතුවම් දැකිය හැකි ස්ථාන මොනවා ද?
(06)  පහත දැක්වෙන් ඡායාරූප හදුන්වන්න.




2020.05.07                                                    අභ්‍යාස 09



2020.05.04                                                     අභ්‍යාස 08

1 පාඩම                                                           

වාස්තුවිද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ  

(01)  පරාක්‍රම සමුද්‍රය අසල පිහිටා තිබෙන ප්‍රථිමාව පිළිබඳ  මතු වී තිබෙන අදහස් මොනවා ද?
(02)  සඳකඩපහන යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(03)  අනුරාධපුර යුගයට අයත් කලාත්මකම සඳකඩපහන නම් කරන්න.
(04)  සඳකඩපහනක දැකිය හැකි කැටයම් නම් කරන්න.
(05)  පොළොන්නරු යුගයේ දී සඳකඩපහනින් ඉවත්වූ කැටයම කුමක් ද?ඒ සඳහා බලපෑ හේතුව සඳහන් කරන්න.
(06)  පැරණි ගොඩනැගිලිවල ප්‍රවේශ දොරටු අලංකාර කිරීමට යොදාගත් කලා නිර්මාණ 04ක් නම් කරන්න.
(07)  ඉසුරුමුණිය විහාරයේ දැකිය හැකි සුවිශේෂි කැටයම් දෙකක් නම් කරන්න.
(08)  අනුරාධපුර යුගයට අයත් ලෝහයෙන් නිර්මාණය වූ බෞද්ධ ප්‍රථිමා සඳහා උදාහරණ දක්වන්න.
(09)  හින්දු සංකල්ප පදනම්  කරගනිමින් ලෝහ මූර්ති  නිර්මාණය ඇරඹුනේ කුමන යුගයේ දී ද?
(10)  හින්දු සංකල්ප මත පදනම් වී නිර්මාණය වූ ලෝහ  මූර්ති මොනවා ද?

2020.05.02                                                     අභ්‍යාස 07

1 පාඩම                                                           

වාස්තුවිද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ   

(01)  වෛජයන්ති ප්‍රාසාදය හා සමාන  ගොඩනැගිල්ලක් ඉදිකලේ කොහිද?
(02) අතීතයේ වැසිකිළි කැසිකිළි ඉදිකිරීමේ දී පරිසරය කෙරෙහි සැලකිලිමත් විය. ඒ සඳහා නිදසුන් දක්වන්න.
(03) අනුරාධපුර යුගයේ ඉදිවී තිබෙන බුද්ධ ප්‍රතිමාවල දැකිය හැකි ඉරියව් මොනවා ද?
(04) බුද්ධ ප්‍රතිමා සඳහා යොදාගත් ඉරියව් මොනවා ද?
(05) පැරණි හිඳි පිළිම සඳහා උදාහරණ දක්වන්න.
(06) අනුරාධපුර යුගයේ හිටි පිළිම වලට උදාහරණ දක්වන්න.
(07) ශ්‍රී ලංකාවේ බෝධිසත්ව ප්‍රථිමා වන්දනය ප්‍රචලිත වීමට බලපෑ හේතු මොනවා ද?
(08) මෙරට දැකිය හැකි උසස් ගණයේ බෝධිසත්ව ප්‍රථිමාවක් නම් කරන්න.
(09) ලංකාවේ බෝධිසත්ව ප්‍රථිමා දැකිය හැකි ස්ථාන නම් කරන්න.
(10) රුවන්වැලි සෑ මළුවෙන් හමුවී ඇති රාජකීය ප්‍රථිමා මොනවා ද?

2020.05.01                                                     අභ්‍යාස 06

1 පාඩම                                                           

වාස්තුවිද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ   

(01) ආරම්භක යුගයේ දී විහාරාරාම ලෙස ලෙන් භාවිතා විය.එවැනි ස්ථාන 04ක් දක්වන්න.
(02) රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉදිකොට පූජාකරනු ලැබූ විශාල විහාරාරාම මොනවා ද?
(03) හින්දු ආගමික දේවාල මෙරට ඉදිවූ යුගය සඳහන් කරන්න.
(04) චෝල වාස්තු විද්‍යාශෛලිය අනුව පොලොන්නරු යුගයේ නිමවූ දේවාල මොනවා ද?
(05) ආගමික නොවන ගොඩනැගිලි ලෙස හඳුන්වන්නේ මොනවා ද?
(06) සීගිරි මාලිගා සංකීර්ණයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ මොනවා ද?
(07)  පොලොන්නරු යුගයට අයත් පැරණිතම මාලිගය කුමක් ද?
(08) වෛජයන්ති ප්‍රාසාදයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ මොනවා ද?
(09) පුරාණ ආරෝග්‍ය ශාලාවන් පිළිබඳ සාධක හමුව ඇති ස්ථාන මොනවා ද?
(10)  මෙරට භාවිතා කල පැරණි  වෛද්‍ය උපකරණ හමුව ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ද?

2020.04.30                                                     අභ්‍යාස 05

1 පාඩම                                                           

වාස්තුවිද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ   

(01)  අභයගිරිය දාගැබ ඉදිකළ රජු කවුරුන් ද ?
(02) මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකළ දාගැබ් 02ක් නම් කරන්න .
(03)  දාගැබක සතර දිශාවෙහි ඉදිකරනු ලබන  සෞන්දර්යාත්මක අංගය කුමක්ද ?
(04)  ශ්‍රී ලංකාවේ පිහිට තිබෙන විශිෂ්ඨතම වාහල්කඩ පිහිටා ඇත්තේ කොහි ද ?
(05) දාගැබක  ආරක්ෂාව සඳහා ඉදිකරනු ලබන ගෘහය හඳුන්වන්නේ කුමන නම්කින්ද ?
(06) බෝධිඝරයක් ලෙස හඳුන්වන්නේ කුමක් ද ?
(07) බුදුපිළිමයක් වටා ඉදිකරනු ලබන ගෘහය හඳුන්වන්නේ කුමන නමින් ද ?
(08) ලංකාවේ පිහිටි කලාත්මක වටදාගෙය කුමක් ද ?
(09) රජරට ශිෂ්ටාචාරයට අයත් කලාත්මක බෝධිඝරය කුමක් ද ?
(10) පිලිමග‍ෙවල් ඉදිකිරීමට යොදාගෙන ඇති සම්ප්‍රධායන් මොනවා ද? එක් එක් සම්ප්‍රධායට උදාහරණ  03ක් බැගින් දක්වන්න, 


2020.04.27                                                     අභ්‍යාස 04

1 පාඩම                                                           

ලෝහ තාක්ෂනය හා වාස්තුවිද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ      

                   8 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) යකඩ උණූකිරීම සඳහා ස්වාභාවික සුළං උපයෝගී කරගනිමින් යකඩ නිස්සාරණ උඳුන් ක්‍රියාත්මක කල ස්ථානය කුමක් ද?
(02) යකඩ උණූකිරීම  සඳහා මයින හමක්  උපයෝගී කරගනිමින් යකඩ නිස්සාරණ උඳුන් ක්‍රියාත්මක කල ස්ථානය කුමක් ද?
(03)  යකඩ නිස්සාරණය කිරිම යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද විස්තර කරන්න?
(04) ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ කලාව කොටස් 02ක් යටතේ වර්ග කල හැකිය .ඒ මොනවා ද?
(05) ආගමික ගොඩනැගිලි වලට උදාහරණ දක්වන්න.
(06) ආගමික නොවන ගොඩනැගිලි වලට උදාහරණ දක්වන්න.
(07) අනුරාධපුරය අගනගරය ලෙස පැවති යුගයේ දී, අගනගරයෙන් පිටත තිබූ දාගැබ් 04ක් නම් කරන්න.
(08) පොලොන්නරු යුගයේ දී ඉදිකල දාගැබ් 04ක් නම් කරන්න.
(09) ථූපාරාම දාගැබ ඉදිකරනු ලැබුවේ කවුරුන් විසින් ද?
(10) දුටුගැමුණු රජු විසින් ඉදිකළ දාගැබ් 02ක් නම් කරන්න.

2020.04.26                                                     අභ්‍යාස 03

1 පාඩම                                                           

ලෝහ තාක්ෂනය                                  

8 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) ක්‍රි පූ 3 වන සියවසට පෙර මෙරටින් හමු වන ලෝහ වර්ග මොනවාද ?
(02)මෙරට තුල ලෝහ තාක්ෂණය වර්ධනය වීමට බලපෑ සාධක මොනවාද ?
(03) කබර ,තබර ,තොපෂ ලෙස සෙල්ලිපි වල සඳහන් වන්නේ කවුරුන් ද?
(04) වියලි කලාපයේ ලෙන් ව්‍යප්තිය මගින් ලෝහ තාක්ෂණයේ කවර අංගයක් පෙන්නුම් කරන්නේ ද ?
(05) රජරට ශිෂ්ටාචාරය තුල භාවිතාවූ ලෝහ වර්ග මොනවා ද ?
(06) 1994 වර්ෂයේ දී කැණීමක දී රන් කැබලි 5ක් හමුවූ ස්ථානය කුමක් ද ?
(07) ස්වර්ණ ථලක පිණ්ඩ යනු මොනවා ද ?
(08) රන් කර්මාන්ත ශාලාවක් පැවත්වති බවට සාක්ෂි හමුවූයේ කුමන ස්ථානයෙන් ද ?
(09) ක්‍රි පූ 03 වන සියවසෙන් පසු මෙරට වඩාත් ප්‍රචලිත වූ ලෝහ වර්ගය කුමක් ද ?
(10) පැරණි ලංකාවේ යකඩ තාක්ෂණය දියණුව පැවතී බවට නිසුන් සපයන, යකඩ නිස්සරණය කල ස්ථාන මොනවාද ?

2020.04.20                                                     අභ්‍යාස 02

1 පාඩම                                                           

ජල උද්‍යාන හා මැටි තාක්ෂණය                                    

8 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01) සිගිරි ජල උද්‍යානයේ දැකිය හැකි ලක්ෂණ 5ක් නම් කරන්න
(02) ජල  උද්‍යානවල කැපිපෙනෙන ලක්ෂණ  5ක් සඳහන් කරන්න
(03)  මැටි භාණ්ඩ මුලින් සකස් කල ආකාරය විස්තර කරන්න
(04) සකපෝරුව යනු කුමක් ද ?
(05)මැටි කර්මාන්තයේ නිරත ශිල්පීන්  හැඳින්වුයේ කුමන නමකින් ද ?
(06) ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කැණීම් වලින් හමුවන මැටින් කල නිර්මාණ මොනවාද ?
(07) මැටි භාජන තැනීමේ මුලික පියවර විස්තර කරන්න .
(08)  මහා වංශයේ සඳහන් ගඩොල් නිපදවීම පිළිබද කතා පුවත් සඳහන් කරන්න .
(09) ලංකාවේ අතීතයේ දී ගඩොල්  භාවිතා කල ගොඩනැගිලි මොනවාද?
(10) උළු නිපදවූ පිරිස් අතීතයේ හැඳින්වුයේ කුමන නමකින් ද


2020.04.16                                                     අභ්‍යාස 01

1 පාඩම                                                           

ජල උද්‍යාන                                    

8 ශ්‍රේණියේ  සිසුන්  සදහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01)  ජල උද්‍යාන ලෙස හඳුන් වන්නේ මොනවා ද ?
(02)  මුල්වරට උයනක් තනවන ලද්දේ කවුරුන්ද  ?
(03) මහා මේඝවන ලෙස හඳුන් වන්නේ කුමන ස්ථානය ද ?
(04) අතීතයේ මෙරට පැවති ජල උද්‍යාන මොනවා ද ?
(05) ජල උද්‍යන තනවන ලද රජවරුන් 5 දෙනෙකු නම් කරන්න .
(06) රාජකීය උද්‍යාන දෙකක් හා ආරාමික උද්‍යාන දෙකක් නම් කරන්න .
(07) රන්මසු උයන සදහා ජලය ලබාගත් ආකාරය විස්තර කරන්න .
(08)  සිගිරි ජල උද්‍යානය ඉදිකරන ලද්දේ කුමන සියවසේ ද ?

Comments

Popular posts from this blog

11 ශ්‍රේණිය පින්තූර ආශ්‍රිත කෙටි ප්‍රශ්ණ

ශ්‍රී ලංකාව ජනාවාස වීම

ගින්නලිය මහා විද්‍යාලය