10 ශ්‍රේණිය

දිනය  2020.08.07

 01 ප්‍රශ්න පත්‍රය 

 02 ප්‍රශ්න පත්‍රය 

දිනය  2020.06.13                                     අභ්‍යාස  54    

10ශ්‍රේණිය සඳහා - මහනුවර රාජධානිය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මහනුවර රාජධානිය තුල විහාර හා දේවාල පාලනය කරනු ලැබූ ආකාරය විස්තර කරන්න.
(02) උඩරට රාජධානිය තුල අධිකරණ පද්ධතියෙහි දැකිය හැකි සුව්ශේෂී ලක්ෂණ 3ක් සඳහන් කරන්න.
(03) මහනුවර පැවති ආර්ථීක රටාවෙහි කැපීපෙනෙන ලක්ෂණ 5ක් සඳහන් කරන්න.
(04) උඩරට ව්‍යාප්තව පැවති කර්මාන්ත තුනක් සඳහන් කරන්න.
(05) ගබඩාගම් හා නින්දගම් ලෙස හැඳින්වූයේ මොනවා ද?
(06) විහාරගම්, දේවාලගම් හා පරවෙණිගම් ලෙස හැඳින්වූයේ මොනවා ද?
(07) උඩරට පැවති ප්‍රධාන විවාහ ක්‍රම තුන මොනවා ද?
(08) මහනුවර යුගයේ පාලකයින් අනුපිළිවෙලින් දක්වන්න.





දිනය  2020.06.11                                     අභ්‍යාස  53     

10ශ්‍රේණිය සඳහා - මහනුවර රාජධානිය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මහනුවර රාජධානියේ පරිපාලන ත්‍රන්තයේ ඉහළම පුද්ගලයා කවුරුන් ද?
(02) උඩරට රාජධානියෙහි රජුහට හිමිව තිබූ බලතල 5ක් සඳහන් කරන්න.
(03) මහා අදිකාරම් හා දෙවන අදිකාරම් විසින් පාලනයකල උඩරටට අයත් පරිපාලන ප්‍රදේශ මොනවා ද?
(04) කටුපුල්ලේ ලෙසින් උඩරට රාජධානිය තුල හැඳින්වූයේ කවුරුන් ද?
(05) මහනුවර මහවාසල තුල කටයුතු කල නිලධාරීන් පස්දෙනෙකු නම් කරන්න.
(06) උඩරට රාජධානියට අයත් දිසාවනි 5ක් සඳහන් කරන්න.
(07) රටේ රාල නැතිනම් රටේ මහත්වරුන් ලෙස හැඳින්වූයේ කවුරුන් දැයි විස්තර කරන්න.
(08) බද්දේ සංවිධාන යනුවෙන් හැඳින්වූයේ මොනවා ද? උදාහරණ දක්වන්න.
(09) උඩරට රජු විසින් විසඳන ලද නඩුවර්ග තුනක් සඳහන් කරන්න.
(10) මහනුවර රාජධානිය තුල වැරදිකරුවන්ට ලබා දුන් දඩුවම් වර්ග 5ක් දක්වන්න.







දිනය  2020.06.10                                     අභ්‍යාස  52     

10ශ්‍රේණිය සඳහා - මහනුවර රාජධානිය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මියගියේ කුමන වර්ෂයේ ද?
(02) ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් අනතුරුව රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද? ඔහු විසින් සිදුකල සේවාවන් මොනවා ද?
(03) කීර්ති ශ්‍රී රාජසිංහ රජු රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(04) කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලාබාල අවධියේ දීම රාජ්‍යත්වයට පත්වීම නිසා රාජ්‍ය පාලනය කිරීමේ දී ඊට අතපෙවූ පුද්ගලයා කවුරුන් ද?
(05) බුද්ධ ශාසනය නගාසිටුවීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සිදුකළ සේවාවන් මොනවා ද?
(06) ලන්දේසීන් සමග සාම ගිවිසුමක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් අත්සන් කරනු ලැබූවේ කුමන වර්ෂයේ ද?
(07) රාජාධි රාජසිංහ රජු රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(08) රාජාධි රාජසිංහ රාජ්‍ය සමයේ සිදු වූ වැදගත්ම සිදුවීම කුමක් ද?
(09) වර්ෂ 1798 වර්ෂයේ දී රාජාධි රාජසිංහ රජු මියයාමත් සමග කන්නසාමි කුමරයා හට රාජ්‍යත්වය ලබාගැනීමට උපකාර කරනු ලැබූවේ කවුරුන් ද?
(10) ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රාජ්‍යත්වය ලබාගත් අයුරු හා රාජ්‍යත්වය අහිමි වී ගිය ආකාරය විස්තර කරන්න.





දිනය  2020.06.07                                     අභ්‍යාස  51     

10ශ්‍රේණිය සඳහා - මහනුවර රාජධානිය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) දෙවන රාජසිංහ රජු සිය පාලන සමයේ දී මුහුණ දුන් අභියෝග 04ක් සඳහන් කරන්න.
(02) ගන්නෝරුව සටන ඇතිවූයේ කුමන වර්ෂයේ ද?
(03) දෙවන රාජසිංහ රජු විසින් ලන්දේසීන්ගේ සහාය ලබාගනිමින් පෘතුගීසීන් නෙරපා දැමූ අයුරු විස්තර කරන්න.
(04) දෙවන රාජසිංහ රජු උඩරට පාලනය කරනුලැබූ සමයේ දී උඩරටට අයත්වූ වරායන් මොනවා ද?
(05) උඩරට බලව්‍යාප්තිය සඳහා විශාල සේවයක් සිදුකල දෙවන රාජසිංහ රජු කොපමණ කාලයක් රාජ්‍යත්වය දරනු ලැබුවේ ද?
(06) 1687 වර්ෂයේ දී දෙවන රාජසිංහ රජු ගේ ඇවෑමෙන් පසු උඩරට රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද?
(07) දෙවන රාජසිංහ රජු ලන්දේසීන් සමග සමග සබඳතා ගොඩනගා ගත් අයුරු විස්තර කරන්න.
(08) දෙවන විමලධර්මසූරිය රජු මරණයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(09) දෙවන විමලධර්මසූරිය රජුගෙන් අනතුරුව රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද?
(10) නායක්කර් රාජවංශයට උඩරට රාජ්‍යත්වය හිමිවූයේ කුමන හේතුව නිසාවෙන් ද?


දිනය  2020.06.04                                     අභ්‍යාස  50     

10ශ්‍රේණිය සඳහා - මහනුවර රාජධානිය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) පළමුවන විමලධර්මසූරිය රජු  බලයට පත්වීමත් සමග මුහුණ දුන් අභියෝග 5ක් සඳහන් කරන්න.
(02) උඩරට රාජ්‍ය ලබාගැනීමේ දී  සිය නීත්‍යානුකූල අයිතිය තහවුරු කර  ගැනීම සඳහා පළමුවන විමලධර්මසූරිය රජු ගත් ක්‍රියාමර්ග 04ක් සඳහන් කරන්න.
(03) පෘතුගීසි ග්‍රහණයෙන් උඩරට රාජධානිය ආරක්ෂාකර ගැනීම සඳහා දෙවන විමලධර්මසූරිය රජු විසින් ගත් පියවර 03ක් දක්වන්න.
(04) උඩරට රාජධානිය තුල ආර්ථික දියුණුව හා බුදු දහම නගාසිටුවීමට දෙවන විමලධර්මසූරිය රජු විසින් සිදු කල සේවාවන් මොනවා ද?
(05) සෙනරත් රජු උඩරට රාජ්‍යත්වය ලබාගන්නා ලද්දේ කුමන වර්ෂයේ ද?
(06) සෙනරත් රාජ්‍යත්වය ලබාගැනීමේ දී රජු මුහුණදුන් අභියෝග මොනවා ද?
(07) රාජ්‍යත්වය සඳහා සෙනරත් රජුගෙන් පසු උරුමකම් කී කුමාරවරුන් කවුරුන් ද?
(08) රාජ කුමාරවරුන් අතර ගැටුම් ඇතිවිම වැලැක්වීමට සෙනරත් රජු විසින් ගත් පියවර සඳහන් කරන්න.
(09) 1630 වර්ෂයේ දී ඌව රන්දෙණිවල සටනේ දී පෘතුගීසීන් සමූල ඝාතනයට පත්කලේ කවුරුන් විසින් ද?
(10) සෙනරත් රජු මියයාමෙන් පසු උඩරට රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන්ද?




දිනය  2020.06.02                                     අභ්‍යාස  49      

10ශ්‍රේණිය සඳහා - මහනුවර රාජධානිය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මහනුවර රාජධානිය හැඳන්වූ වෙනත් නම් තුනක් සඳහන් කරන්න.
(02) ස්වාභාවික ලෙස මහනුවර රාජධානිය ආරක්ෂා වූ අයුරු විස්තර කරන්න.
(03) මහනුවර රාජධානිය කෝට්ටේ රාජධානියේ යටත් රාජ්‍යයක් වශයෙන් පැවතියේ කුමන රජුගේ රාජ්‍ය කාලයේ දී ද?
(04) මුල්වරට උඩරට රජධානිය ස්වාධීන රාජධානියක් ලෙස ගොඩනගන ලද්දේ කවුරුන් විසින් ද?
(05)  සේනාසම්මත වික්‍රමබාහු රජුගෙන් පසු උඩරට රාජධානියේ රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද?
(06) ජයවීර බණ්ඩාර රජුගේ ඇවෑමෙන් පසු උඩරට රාජධානියේ රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද?
(07) කරලියැද්දේ බණ්ඩාරහට උඩරට රාජධානිය අතහැර පෘතුගීසීන් වෙත යාමට බලපෑ ප්‍රධාන හේතුව කුමක් ද?
(08) බෞතිස්ම ලැබීමෙන් පසු කුසුමාසන දේවිය හා යමසිංහ බණ්ඩාර හැඳින්වූයේ කුමන නමකින් ද?
(09) ක්‍රිස්තු වර්ෂ 1580 දී පමණ උඩරට රාජධානිය යටත්කරගනු ලැබූවේ කවුරුන් විසින් ද?
(10) පළමුවන විමලධර්මසූරිය රජු උඩරට රාජ්‍යත්වය ලබාගත් ආකාරය විස්තර කරන්න.




දිනය  2020.06.01                                     අභ්‍යාස  48      

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) පහළොස්වන සියවසේ දී පමණ ශ්‍රී ජයවර්ධනපුරයට යාබදව පිහිටා තිබූ බව සඳහන් වන්නේ කුමන ආගමට අයත් දේවාලයක් ද?
(02) යාපහුවේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා ගෘහනිර්මාණ ඉදිකාරීමේ දී ශිල්පීය අභාශය ලැබී ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ද?
(03) යාපහුව රාජධානියේ දක්නට ලැබෙන නිර්මාණ සඳහා  ගෘහනිර්මාණ ශිල්පීය අභාශය ලැබී ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ද?
(04)  දකුණු ඉන්දියානු ගෘහනිර්මාණ ශෛලියේ අභාශය පැහැදිලිව හඳුනාගත හැකි ගම්පොළ යුගයට අයත් නිර්මාණය කුමක් ද?
(05) හින්දු හා මහායාන අදහස් ගෘහනිර්මාණ ශිල්පය කෙරෙහි බලපෑ ආකාරය උදාහරණ දක්වමින් පැහිදිලි කරන්න.
(06) ඇම්බැක්කේ දේවාලය තනවන ලද්දේ කවුරුන් විසින් ද?
(07)  දඹදෙණි යුගයේ දී ලියැවුණු සාහිත්‍ය ග්‍රන්ථ 3ක් සහ එහි කතුවරුන් කවුරුන් දැයි සඳහන් කරන්න.
(08)  දඹදෙණි යුගයේදී ලියැවුණු  සිංහල ව්‍යාකරණය හා කාව්‍යකරණය පිළිබඳ නීති පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ මොනවා ද?
(09) දඹදෙණි කතිකාවත හා කඳවුරු සිරිත යන ග්‍රන්ථ රචනා වි ඇත්තේ කුමන අරමුණින් දැයි පැහැදිලි කරන්න.
(10)  දඹදෙණි යුගයේ දී ලියැවුණු වෙද පොත් 2ක්  පාලි භාෂාවෙන් රච්ත ග්‍රන්ථ 5ක් සඳහන් කරන්න.



දිනය  2020.05.30                                     අභ්‍යාස  47      

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) යාපනය රාජධානියේ ආරම්භක පාලකයා කවුරුන් ද?
(02) යාල්පාන  වෛපවමාලෛයි ග්‍රන්ථයෙහි දැක්වෙන යාපනය පාලනය කල රජවරන් කවුරුන් ද?
(03) යාපනය පාලනය කල රාජවංශය හඳුන්වන්නේ කුමන නමකින් ද?
(04) වන්නිවරු ලෙස හැඳින්වූයේ කවුරුන් ද?
(05) වන්නි නායකයෙකු ලෙස කටයුතු කොට දඹදෙණි රාජධානිය පිහිටවූ පාලකයා කවුරුන් ද?
(06) හය වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී මෙරට වන්නි ප්‍රදේශිය පාලන ඒකක කොපමණ පැවතියේ ද?
(07) රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු මෙරට ආර්ථීක රටාවෙහි ඇති වූ කැපීපෙනෙන ලක්ෂණ 5ක් සඳහන් කරන්න.
(08)  අභ්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන්  කඩවීදි තිබූ බව සඳහන් වන්නේ කුමන මූලාශ්‍රයෙහි ද?
(09)  වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව සරුසාර වෙළඳාමක් තිබූ බව සඳහන් වන්නේ කුමන දේශගවේෂකයාගේ වර්ථාවන් වලදැයි සඳහන් කරන්න.
(10) දෙවන නාගරීකරණ සමයෙහි ජනතාව විසින් අදහන ලද හෝ විශ්වාස කරන ලද දෙවිවරුන් කවුරුන් දැයි සඳහන් කරන්න.







දිනය  2020.05.29                                      අභ්‍යාස  46      

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) ගම්පොළ රාජධානි සමයෙහි භුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද වෙහෙරවිහාර මොනවා ද?
(02) කෝට්ටේ රාජධානියෙහි ආරම්භය සිදුවූ ආකාරය විස්තර කරන්න.
(03) හයවන පරාක්‍රමබාහු රජුවිසින් ඉටුකල සේවාවන් 05ක් සඳහන් කරන්න.
(04) 1469 වර්ෂයේ  දී හයවන බුවනෙකබාහු රජු කෝට්ටේ රාජධානියෙහි රාජ්‍යත්වය ලබාගත් අයුරු විස්තර කරන්න.
(05) අභයදාන ශීලා ලිපිය දැදිගම සෙල්ලිපිය ලෙස හඳුන්වන්නේ කුමක් ද?
(06) හයවන බුවනෙකබාහු රජුගේ පාලන කාලයෙන් අනතුරුව රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද?
(07) 1490 වර්ෂයේ දී කෝට්ටේ රාජධානියේ බලයට පත්වූයේ කවුරුන් ද? ඔහු විසින් රාජ්‍ය බලය ලබාගත් අයුරු විස්තර කරන්න.
(08) පෘතුගීසීන් මෙරටට පැමිණීම සිදුවන්නේ කුමන වර්ෂයේ ද?
(09) යාපනයේ ඉතිහාසය හැදෑරීමට ඇති වඩාත් ප්‍රකට කෘතිය වන්නේ කුමක් ද? එය රචනා වූයේ කුමන සියවසේ දී ද?
(10) යාපනයේ ඉතිහාසය හැදෑරීමට ඇති වෙනත් කෘති මොනවා ද?







දිනය  2020.05.28                                       අභ්‍යාස  45      

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) හතරවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව කුරුණෑගල රාජධානියේ පාලන කටයුතු මෙහෙය වූ රජවරුන් කවුරුන් ද?
(02) කුරුණෑගල වැව කරවූයේ කුමන රජු විසින් ද?
(03) ගම්පොළ රාජධානිය පිහිටවූයේ කවුරුන් විසින් ද කුමන වර්ෂයේ ද?
(04) පස්වන පරාක්‍රමබාහු රජු යනුවෙන් හැඳන්වූයේ කවුරුන් ද? ඔහු විසින් රාජධානියක් ගොඩනගා ගනු ලැබූවේ කුමන ප්‍රදේශයේ ද?
(05) ගම්පොළ රාජධානී සමයේ බිහිව තිබූ ප්‍රාදේශීය රාජධානි 03ක් හා එම රාජධානි පාලනය කල පාලකයින් කවුරුන්දැයි නම් කරන්න.
(06)  ගම්පොළ රජ පරපුර සමග සබඳතා ගොඩනගාගෙන සිටි ප්‍රභූ පවුල් 2ක් සඳහන් කරන්න.
(07)  ගම්පොළ රාජ්‍ය සමයේ රාජ්‍ය උරුම වීමේදී හඳුනාගත හැකි සුවිශේෂී ලක්ෂණය කුමක් ද?
(08)  ගම්පොළ රාජධානී සමයේ මෙරටට පැමිණි අරාබි ජාතික දේශ ගවේශකයා කවුරුන් ද? ඔහු පැමිණියේ කුමන වර්ෂයේ ද?
(09)  කෝට්ටේ ප්‍රදේශයෙහි බලකොටුවක් තනාගනිමින් හමුදාවක් රැස්කර ආර්ය චක්‍රවර්තී  රජුගේ 
නිලධාරීන්ට දඩුවම් පැමිණවීමට කටයුතු කරනු ලැබූවේ කවුරුන් ද?
(10)  ගම්පොළ රාජධානියෙහි අවසාන කාලසීමාව තුලදී මුහුණ දීමට සිදුවූ ආක්‍රමණ හා  ඉන්අනතුරුව මෙරට දේශපාලන වාතාවරණය  පැවති ආකාරය පැහැදිලි කරන්න.





දිනය  2020.05.27                                        අභ්‍යාස  44

      


දිනය  2020.05.26                                       අභ්‍යාස  43


      


දිනය  2020.05.25                                        අභ්‍යාස  42


      




දිනය  2020.05.24                                        අභ්‍යාස  41      

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) පළමුවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය කාලයේ දී මෙරට පැවති දේශපාලන තත්ත්වය විස්තර කරන්න.
(02) යාපහුව තම රාජධානිය කරගත් පළමුවන බුවනෙකබාහු රජු විදේශ සබඳතා ගෙඩනගනු ලැබූවේ කුමන  වර්ෂයේ කුමන රාජ්‍ය සමග ද?
(03) පළමුවන බුවනෙකබාහු රජු මිය ගියේ කුමන වර්ෂයේ ද?
(04) පළමුවන බුවනෙකබාහු රජු ගෙන් අනතුරුව  තෙවන  පරාක්‍රමබාහු රජවන තෙක් මෙරට දේශපාලන තත්ත්වය විස්තර කරන්න.
(05) තෙවන  පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(06) දෙවන බුවනෙකබාහු කුමරා පොළොන්නරුව ආක්‍රමණය කරනු ලැබූවේ කුමන වර්ෂයේ ද?
(07) දෙවන බුවනෙකබාහු කුමරා තම රාජධානිය කරගනු ලැබූවේ කුමන රාජධානිය ද?
(08) දෙවන බුවනෙකබාහු  රජු ගේ රාජ්‍ය කාලය සඳහන් කරන්න.
(09) සරජෝතිමාලෛ නම් කෘතියෙහි දැක්වෙන පරිදි සිව්වන පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වයට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(10) කුරුණෑගල යුගයේ රචනා වී ඇති ආගමික හා ශාස්ත්‍රීය ග්‍රන්ථ 5ක් සඳහන් කරන්න.





දිනය  2020.05.23                                        අභ්‍යාස  40      

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) දෙවන පරාක්‍රමබාහු රජතුමා පිදුම් ලැබූ උපාධි නාමය කුමක් ද?
(02) දෙවන පරාක්‍රමබාහු රජතුමා මුහුණ දුන් අභියෝග මොනවා ද?
(03) කාලිංග මාඝ හා සටනට දෙවන පරාක්‍රමබාහු රජතුමා සූදානම්ව සිටිය දී මෙරටට පැමිණි ආක්‍රමණිකයා කවුරුන් ද?
(04) ඔහු මෙරටට පැමිණියේ කුමන වර්ෂයේ ද? කුමන ප්‍රදේශයේ සිටද?
(05) දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් කාලිංග මාඝ පරාජය කල අයුරු විස්තර කරන්න.
(06) චන්ද්‍රභානු නම් ආක්‍රමණිකයා විසින් දෙවන වරට දඹදෙණීය රාජධානිය ආක්‍රමණය කල අයුරු විස්තර කරන්න.
(07) දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් රට සංවර්ධනය කිරීමේ වගකීම පවරන ලැබූවේ කාහටද?
(08) දෙවන පරාක්‍රමබාහු රජතුමා මියයාමෙන් අනතුරුව රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද?
(09) සිවිවන විජයබාහු රජු හඳුන්වන වෙනත් නම් මොනවා ද? ඔහුගේ රාජ්‍ය කාලය වසර 2කට සීමා වීමට බලපෑ හේතුව කුමක් ද?
(10) සිවිවන විජයබාහු රජුගෙන් අනතුරුව රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද? කුමන වර්ෂයේ ද?





දිනය  2020.05.22                                        අභ්‍යාස  39      

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) රජරට ප්‍රදේශයේ පැරණි නගර පරිහානිය සඳහා බලපෑ හේතු 5ක් සඳහන් කරන්න.
(02) දෙවන නාගරීකරණය තුල හඳුනාගතහැකි සුවිශේෂී ලක්ෂණ 3ක් සඳහන් කරන්න.
(03) දඹදෙණිය රාජධානිය පිහිටුවන ලද්දේ කුමන වර්ෂයේ ද?
(04) කාලිංග මාඝ රජරටින් දකුණු ප්‍රදේශයට ඒම වැලක්වීමට කටයුතු කල ප්‍රාදේශීය නායකයින් කවුරුන් දැයි පැහැදිලි කරන්න.
(05) දඹදෙණිය රාජධානිය පිහිටුවන ලද්දේ කවුරුන් විසින් ද?
(06) පොළොන්නරුව රාජධානිය බිඳවැටීමෙන් පසු දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ පැවතියේ කුමන ප්‍රදේශයේ ද?
(07) තුනවන විජයබාහු රජු විසින් සිදුකළ සේවාවන් පහක් සඳහන් කරන්න.
(08) තෙවන විජයබාහු රජුට සිටි පුතුන් කවුරුන් ද?
(09) වර්ෂ 1236 දී දඹදෙණි රාජධානියෙහි රාජ්‍යත්වයට පත්වූයේ කවුරුන් ද?
(10) දෙවන පරාක්‍රමබාහු රජු හට කුඩාකාලයේ දී  මනා අධ්‍යාපනයක් ලබාදෙනු ලැබූවේ කවුරුන් විසින් ද?



දිනය  2020.05.21                                        අභ්‍යාස  38       

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා කවුරුන් ද?
(02) පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් පසු වසර 9ක තරම් ශක්තිමත් කාලයක් පොළොන්නරුව පාලනය කළ රජු කවුරුන් ද?
(03) පළමුවන පරාක්‍රමබාහු රජුුගේ අභාවය සිදුවූයේ කුමන වර්ෂයේ ද?
(04) පළමුවන පරාක්‍රමබාහු රජුුගේ අභාවයෙන්  පසු වර්ෂ 1215 පොළොන්නරුව රාජධානිය බිඳවැටීම දක්වා පාලකයින් කොපමණ ප්‍රමාණයක් පොළොන්නරුව රාජධානිය පාලනය කරනු ලැබුවේ ද?
(05) පළමුවන විජයබාහු රජුගෙන් පසුව මෙරට බලඅරගලයක් නිර්මාණය වූයේ කුමන රාජ්‍ය වංශිකයින් අතරදැයි පැහැදිලි කරන්න.
(06) නිශ්ශංකමල්ල රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ කාලිංග වංශිකයන් තිදෙනෙකු නම් කරන්න.
(07) පාණ්ඩ්‍ය වංශිකයන් විසින් තෙවරක් මෙරට රාජ්‍යත්වයට පත්කරනු ලැබූ බිසව කවුරුන් ද?
(08) නිශ්ශංකමල්ල රජුගෙන් පසු මෙරට තුල ආර්ථික පරිහානය ඇතිවීමට බලපෑ සාධක මොනවා ද?
(09) පොළෙන්නරුව රාජධානිය බිඳවැටීමට බලපෑ ආසන්නතම හේතුව කුමක් ද?
(10)  කාලිංග මාඝ විසින් විශාල හමුදාවක් සහිතව මෙරට ආක්‍රමණය කරනු ලැබූවේ කුමන වර්ෂයේ ද?




දිනය  2020.05.20                                        අභ්‍යාස  37       

10ශ්‍රේණිය සඳහා - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මෙරට  උතුරු වියළි කලාපයට හා  දකුණු වියළි කලාපයට අයත් පැරණි නගර 2ක් සඳහන් කරන්න.
(02) ස්ථිරවාසීතාවය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(03) මෙරට තුල සමාජ ස්ථරායනය යම්තාක් දුරකට සම්පූර්ණත්වයට පත්වූයේ කුමන කාලයේ දී ද?
(04) නිෂ්පාදන අතිරික්තයට හිමිකම් කියූ පිරිස් මුල්කාලීනව මෙරට තුල ව්‍යාප්තව සිටයේ කුමන ප්‍රදේශ තුලද?
(05) අතීත ප්‍රභූන් විසින් තම පවුල්වලට අයත් කීර්තිය පවත්වාගෙන යාමට යොදාගත් උපක්‍රමය කුමක් ද?
(06) අතීතයේ මෙරට පැවති නගරයක් දැකියහැකි වූ ලක්ෂණ මොනවා ද?
(07) පැරණි අනුරාධපුර නගරය සැලසුම් සහගත ලෙස ඉදිකරනු ලැබූවේ කවුරුන් විසින් ද?
(08) වසර 1400 කට අධික කාලයක් අනුරාධපුර නගරය මෙරට සැලසුම් සහගත නගරය ලෙස පැවතීමට බලපෑ සාධක මොනවා ද?
(09) පළමුවන විජයබාහු රජු පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරාගැනීමට බලපෑ සාධක මොනවා ද?
(10) පළමුවන පරාක්‍රමබාහු රජු විසින් අග්නිදිග අසියාව සමග පැවති විදේශ ප්‍රතිපත්තිය උදාහරණ දක්වමින් විස්තර කරන්න.



දිනය  2020.05.19                                        අභ්‍යාස  36       

10ශ්‍රේණිය සඳහා - ඓතිහාසික දැනුම සහ  එහි ප්‍රායෝගික ආදේශනය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) බෙහෙත් ගුණ ඇති කොළවර්ග යොදා සකස්කරන ලද කැඳ වර්ග මූලාශ්‍රවල හඳුන්වා ඇත්තේ කුමන නම් වලින් ද?
(02) මාත්‍රික මත්ස්‍ය භාගය ලෙස මූලාශ්‍රවල හඳුන්වා ඇත්තේ කුමක් දැයි පැහැදිලි කරන්න.
(03) උස්ගොඩබිම් ඉඩම්වල කැලෑ නොකැපිය යුතු බව සඳහන් වන්නේ කුමන පුුවරු ලිපියෙහි ද ?එය කරවූයේ කවුරුන් විසින් ද?
(04) වල් වල දඩුපත් නොකපනු ඉසා යනුවෙන් සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(05) එම සෙල්ලිපිය කරවූයේ කවුරුන් විසින් ද?
(06) රජයේ නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙස රජයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ කුමන සෙල්ලිපිය මගින් ද?
(07) පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳ නීති රීති පැනවූ රජවරුන් 3 දෙනෙකු නම් කරන්න.




දිනය  2020.05.18                                         අභ්‍යාස  35       

10ශ්‍රේණිය සඳහා - ඓතිහාසික දැනුම සහ  එහි ප්‍රායෝගික ආදේශනය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) ධාන්‍ය වර්ග බැද කුඩු කර  සකසා ගන්නා ආහාර හැඳින්වූයේ කුමන නමකින් ද?
(02) තිල සංගුලිකා යනුවෙන් හැඳින්වූයේ මොනවා ද? ඒ පිළිබඳ දැක්වෙන මූලාශ්‍ර දෙකක් නම් කරන්න.
(03) අතීතයේ මෙරට වැසියන් ආහාරයට ගන්නා ලද අල වර්ග 5ක් සඳහන් කරන්න.
(04) ව්‍යංජන නියඹ ලෙස හැඳින්වූයේ කුමක්දැයි පැහැදිලි කරන්න.
(05) කටුක භාණ්ඩ ලෙස හැඳින්වූයේ මොනවා ද?
(06) පැරණි පොත්වල කරබේඹිය ලෙස හඳුන්වා ඇත්තේ මොනවා ද?
(07) අපේ පැරැනන් විසින් අතීතයේ දී ආහාර පිසීමට ගන්නා ලද තෙල් වර්ග 2ක් සඳහන් කරන්න.
(08) සෙල්ලිපි වල කිරිගෙරි යන්න යෙදී ඇත්තේ කුමක් සඳහා ද?
(09) කැඳ යන වචනය වෙනුවට පැරණි පොත්වල භාවිතා කරන ලද්දේ කුමන යෙදුම ද?
(10) යවාගු නැතහොත් උළුකැඳ  යනුවෙන් හඳුන්වා ඇත්තේ මොනවා ද?



දිනය  2020.05.17                                         අභ්‍යාස  34       

10ශ්‍රේණිය සඳහා - ඓතිහාසික දැනුම සහ  එහි ප්‍රායෝගික ආදේශනය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) පරුමකලු යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද ? සෙල්ලිපි ඇසුරින් විස්තර කරන්න.
(02)  අතීතයේ මෙරට විසූ උපාසිකාවන් විසින් භික්ෂුන් වහන්සේලා උදෙසා ගල්ලෙන් පිදීමක් පිළිබඳව සෙල්ලිපිවල සඳහන් වේ. උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න.
(03) උඩරංචාමඩමින් හමුව ඇති කාන්තාවන් විසින් තම රූ සපුව පිළිබඳව අවධානය දැක්වූ බවට හමුව ඇති සාක්ෂි මොනවා ද?
(04)  ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හමුව ඇති. පබළු මාලය අයත් වනුයේ කුමන කාලයට ද?
(05) ප්‍රාග් ඓතිහාසික වැසියන් විසින් වල්දෙල් සහ ඇටි කෙසෙල් ආහාරයට ගත් බවට සාක්ෂි හමුව ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ද?
(06) ඓතිහාසික කෘතිවල සඳහන් පැරණි කාලයේ මිනිසුන් විසින් ආහාරයට ගත් ධාන්‍ය වර්ග 7ක් නම් කරන්න.
(07) තෝණිගල සෙල්ලිපිය කරවූයේ කවුරුන් විසින් ද? එහි සඳහන් වන ධාන්‍ය වර්ග මොනවා ද?
(08)  12 වන සියවස වන විට ලංකාවේ ප්‍රභූන් අතර ජනප්‍රිය වී තිබූ ආහාර වර්ග මොනවා ද?
(09) අතීතයේ මෙරට දුගී වැසියන් විසින් ආහාරය සඳහා බහුලව යොදාගන්නා ලද්දේ  මොනවා ද?
(10) කැඳ යන වචනය වෙනුවට පැරණි පොත්වල එය දක්වා ඇත්තේ කුමන නමකින් ද?




දිනය  2020.05.16                                         අභ්‍යාස  33       

10ශ්‍රේණිය සඳහා - ඓතිහාසික දැනුම සහ  එහි ප්‍රායෝගික ආදේශනය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) හතරවන කාශ්‍යප රජතුමා විසින්  රන් කලං 200ක ජූජාවක් කළ බව සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද? එය පූජාකරන ලද්දේ කා හට ද?
(02) ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන්ම හමුවන කාසි වර්ගය කුමක් දැයි සඳහන් කරන්න.
(03) මෙරටින් හමුවන වෙනත් විදේශිය කාසි වර්ග මොනවා ද?
(04) විදේශීය කාසි මෙරට තුලදී භාවිතා කරන ලද්දේ කුමන කටයුතු සඳහා ද? 
(05) v.o.c යන ඉංග්‍රීසි අකුරු සහිත කාසි අයත්වනුයේ කුමන වෙළඳ සමාගමට ද?
(06) චූලසීවලී දේවී පිළිබඳ සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(07) මෙරට තෙවරක් පාලනය කළ රැජින කවුරුන් ද?
(08) රසවාහිනිය නම් සාහිත්‍ය මූලාශ්‍රයෙහි සඳහන් අතීත කාන්තාවන් ගෞරවාන්විත ලෙසින් සමාජයෙහි කටයුතු කළ අයුරු දැක්වෙන කථා පුවත් මොනවා ද?
(09) දියණියන් සූප ශාස්ත්‍රයෙහි  ප්‍රවීණයන් කළ යුතු බව සඳහන් වන්නේ කුමන මූලාශ්‍රයෙහි ද?
(10) මධුපාචිකා යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද? ඒ පිළිබඳ සඳහන් වන්නේ කුමන මූලාශ්‍රයෙහි ද?


දිනය  2020.05.15                                         අභ්‍යාස  32       

10ශ්‍රේණිය සඳහා - ඓතිහාසික දැනුම සහ  එහි ප්‍රායෝගික ආදේශනය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මී හරකුන් ,එළ හරකුන් සහ එළුවන් ඝාතනය කරන්නට මරණ දඩුවම පැනවීමේ නීතියක්  පිළිබඳව සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද? එය කරවූයේ කවුරුන් ද?
(02) ජලාශවල ජීවත් වූ පක්ෂීන් නොමැරිය යුතුබවට නීති පැනවූයේ කවුුරුන් විසින් ද?
(03) අපරාධ නීති සම්බන්ධයෙන් ලියැවී ඇති වේවැල්කැටිය සෙල්ලිපිය කරවූයේ කවුරුන් ද?
(04) වේවැල්කැටිය සෙල්ලිපියෙහි අන්තර්ගත වන අපරාධ නීති මොනවා ද?
(05) හස්එබු කාසි යනුවෙන් හඳුන්වන්නේ මොනවා ද?
(06) මෙරට කාසි භාවිතය ආරම්භ වූයේ කුමන කාලයේ දී ද?
(07) සෙල්ලිපිවල කහාපණ යනුවෙන් හඳුන්වා ඇත්තේ කුමන කාසියක් පිළිබඳවද?
(08) මෙරට තුල මුලින්ම ස්වාධීන කාසියක් නිපද  වූ බවට හමුවන සාක්ෂි අයත් වන්නේ කුමන කාලයට ද?
(09) ක්‍රි.පූ. දෙවන සියවසට අයත් සෙල්ලිපිවල රුපදක ලෙස හඳුන්වා ඇත්තේ කවුරුන් ද?
(10) කාසි වෙනුවට ලෝහ බර ද වටිනාකමක් ලෙස භාවිතා කොට ඇති බව උදාහරණ දක්වමින් විස්තර කරන්න.



දිනය  2020.05.14                                         අභ්‍යාස  31       

10ශ්‍රේණිය සඳහා - ඓතිහාසික දැනුම සහ  එහි ප්‍රායෝගික ආදේශනය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) සෙල්ලිපිවල මේකාප්පර් ලෙස හඳුන්වා ඇත්තේ කවුරුන් දැයි විස්තර කරන්න.
(02) බදු නීතිය යටතේ අයකළ ප්‍රධාන බදුවර්ග මොනවා ද?
(03) විහාරයක් අසල තිබූ වරායකින් අයකළ රේගු බදු එම විහාරයටම පූජාකළ බව සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(04) මහාධිකරණයක් පිළිබඳ සඳහනක් දැක්වෙනුයේ කුමන සෙල්ලිපියෙහි ද?
(05) කොණ්ඩවට්ටවාන් ටැම් ලිපියෙහි සඳහන් වන්නේ කුමන කරුණක් පිළිබඳව දැයි කෙට්යෙන් විස්තර කරන්න.
(06) කුඹුරුවල වී මිස මුං වැපිරීම සිදු නොකළ යුතුබව සඳහන්වනුයේ කුමන සෙල්ලිපියෙහි ද? එය කරවූයේ කවුරුන් විසින් ද?
(07) බදුලු ටැම් ලිපිය හඳුන්වන තවත් නමක් සඳහන් කරන්න.
(08) බදුලු ටැම් ලිපිය කරවූයේ කවුරුන් විසින් ද? කුමන හේතුව නිසාවෙන් දැයි පැහැදිලි කරන්න.
(09) බදුලු ටැම් ලිපියෙහි සඳහන් නීති 05ක් සඳහන් කරන්න.
(10) මාඝාත නීතිය යනු කුමක් ද? එය පැනවූයේ කවුරුන් විසින් ද?




දිනය  2020.05.13                                         අභ්‍යාස  30       

10ශ්‍රේණිය සඳහා - ඓතිහාසික දැනුම සහ  එහි ප්‍රායෝගික ආදේශනය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) සාමාජ සංවිධානයක පුද්ගල සම්බන්ධතාවල අනුපිළිවෙලක් පැවතීම හඳුන්වනුයේ කුමන නමින් ද?
(02) සිරස් සමාජ ධූරාවලියක් හා තිරස් සමාජ ධූරාවලියක් ලෙස හැඳින්වූයේ කුමක්දැයි පැහැදිලි කරන්න.
(03) නරඉසෙර යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද? ඒ පිළිබඳව සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(04) රද්කොල් සම්දරු යන්නෙහි අරථය  පැහැදිලි කරන්න.
(05) සමාජ ධූරාවලියෙහි ඉහලින්ම සිටි පිරිස කවුරුන් ද?
(06) අතීත සමාජයෙහි ප්‍රභූන් ලෙස කටයුතුකරනු ලැබූවේ කවුරුන් ද? නිදසුන් දක්වන්න.
(07) සෙල්ලිපිවල කුඩීන් ලෙස හැඳන් වූයේ කවුරුන් ද? උදාහරණ දක්වන්න.
(08) රටේ සාමාන්‍ය ජනතාව හා ඉහල මට්ටමේ ප්‍රභූන් අතර සන්නිවේදනය ඇතිකරනු ලැබූවේ කවුරුන් විසින් ද?
(09) අතීත සමාජ මට්ටමේ පහළින්ම සිටියේ කවුරුන් ද?
(10) අන්වයාතදාස හා ධනක්කීතදාස යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද? 


දිනය  2020.05.12                                         අභ්‍යාස  29       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) පළමු වන පරාක්‍රමබාහු රජු  ඉපදුණු සථානය හඳුන්වන්නේ කුමන නමින් ද?
(02)  එම ස්ථානය අයත් වනුයේ කුමන දිස්ත්‍රික්කයට ද?
(03)  පළමුවන පරාක්‍රමබාහු රජු ඉපදුන ස්ථානයෙහි ඉදිකළ චෛත්‍ය හඳුන්වනුයේ කුමන නමකින් ද?
(04)  පුරාවිද්‍යාඥයින් විසින් පළමුවන පරාක්‍රමබාහු රජු ඉපදුන ස්ථාන කැණීමට ලක්කරණු ලැබූවේ කුමන  වර්ෂයේ ද?
(05)  දැදිගම ඇත්පහන නිර්මාණය කොට ඇත්තේ කුමන ලෝහයෙන් ද?
(06)  දැදිගම ඇත්පහනෙහි දැකිය හැකි  සුවිශේෂී ලක්ෂණ මොනවා ද?
(07)  දැදිගම ඇත්පහන ක්‍රියාත්මක වූ ආකාරය විස්තර කරන්න.
(08)  ඇත්පහන සඳහා තෙල් පහනට ගලා ඒමට යොදා ගත් විද්‍යාත්මක  මූලධර්මය කුමක් ද?



 

දිනය  2020.05.11                                         අභ්‍යාස  28       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) භාතිකාභය රජු විසින් සිදුකරණ ලද ඉඩම් පූජාවක් පිළිබඳව සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(02) තිස්ස නම් විහාරයක් සඳහා කරීස අටක ඉඩමක් පූජා කරණු ලැබූවේ කවුරුන් විසින් ද?
(03) කෙටි දුර මැනීමේ දී අතීතයේ භාවිතා කළ මිණුම් ක්‍රම මොනවා ද?
(04) දිගු දුර මැනීම සඳහා අතීතයේ දී උපයෝගී කරගත් මිනුම් ක්‍රම 3ක් සඳහන් කරන්න.
(05) ගාවුත කණු යනුවෙන් හැඳින්වූයේ මොනවා ද? උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න.
(06) අතීතයේදී බර මැනීමට මෙරට වැසියන් භාවිතා කළ  මිනුම් ක්‍රම 5ක් සඳහන් කරන්න.
(07) වස හෝ හවජර යනුවෙන් සෙල්ලිපිවල හැඳින්වූයේ කුමන මිනුම් ක්‍රමයක් හැඳින්වීමට ද?
(08) වත්මනේ භාවිත වන අවුරුදු යන පදය සකස්වී ඇත්තේ කුමන ආකාරයෙන් ද? කෙටියෙන් පැහැදිලි කරන්න.
(09) දිනය යන පදය  සෙල්ලිපිවල දක්වා ඇත්තේ කුමන ආකාරයෙන් ද?සෙල්ලිපි ඇසුරෙන් උදාහරණ දක්වන්න.
(10) වර්ථමානයේ අප භාවිතා කරන මොහොත යන වචනය නිර්මාණය වී ඇත්තේ කෙසේ ද? 

දිනය  2020.05.10                                         අභ්‍යාස  27       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) ශ්‍රී ලංකාවේ යකඩ නිස්සාරණය පිළිබඳ පැරණි තාක්ෂණය හමුවන ප්‍රධාන අවස්ථා දෙකකි. උදාහරණ  දක්වමින් පැහැදිලි කරන්න.
(02) යකඩ උණුකිරීමේ දී කොපමණ උෂ්ණත්වයක් අවශ්‍ය වේ ද?
(03) යකඩ නිස්සාරණය සඳහා භාවිතා කළ පාෂාණ වර්ගයන් මොනවා ද?
(04) බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ ,අතීතයේ දී යකඩ නිස්සාරණය සඳහා භාවිතා කළ ශාක වර්ගය කුමන නමකින් හැඳින්වේද?
(05) අතීතයේ මෙරට වැසියන් නිරතවූ සුළු කර්මාන්ත මොනවා ද?
(06) කෙම්පහන් ක්‍රම  යනුවෙන් හැඳන්වුයේ කුමක් ද? උදාහරණ දක්වන්න.
(07) කිරිමුඩු ශාන්තිකර්මය පැවති බවට සාක්ෂි හමුව ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ද?
(08) කිරිමඩු ශාන්තිකර්මය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(09) අවකාශය මැනීම සඳහා අතීතයේ මෙරට වැසියන් භාවිතා කළ මිනුම් ක්‍රම මොනවා ද?
(10) පරිමාව මැනීම සඳහා මෙරට වැසියන් යොදාගත් මිනුම්ක්‍රම 5ක් සඳහන් කරන්න.

දිනය  2020.05.09                                         අභ්‍යාස  26       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත්  වාස්තු විද්‍යාත්මක නිර්මාණ සඳහා උදාහරණ දක්වන්න.
(02) වජ්‍ර චුම්බට යනුවෙන් හැඳින්වූයේ කුමක් ද? පැහැදිලි කරන්න.
(03) රුවන්වැලි මහාසෑයේ අත්තිවාරම ඉදිකිරීමේ දී යොදාගත් ක්‍රමවේදය පැහැදිලි කරන්න.
(04) සීගිරිය නාගරික උද්‍යාන සංකීර්ණය ඉදිකරනු ලැබූවේ කුමන සියවසේ දී ද?
(05) සීගිරික නාගරික උද්‍යාන සංකීර්ණය තුල හඳුනාගත හැකි ලක්ෂණ 5ක් සඳහන් කරන්න.
(06)  අනුරාධපුරයේ ඉදිකොට තිබූ මාතෘ නිවාස පිළිබඳව මහාවංශයේ සඳහන් වේ. ඒවා හැඳින්වුයේ කුමන නමින් ද?
(07) දුටුගැමුණු රජු විසින් රෝහල් කොපමණ ප්‍රමාණයක් ඉදිකරනු ලැබුවේ ද?
(08) පොළොන්නරුව ආලාහන පිරිවෙන් සංකීර්ණයෙන් හමුව ඇති  පුරාවිද්‍යාත්මක සාධක මොනවාද? විස්තර කරන්න.
(09) අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමේ දී  පැරැන්නන්  විසින් පරිසර හිතකාමීව කටයුතු කර ඇති  බව උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න.
(10) ඌව පළාතේ බෙරගලින් හමුව ඇති යබොර කැබැලි අයත්වනුයේ  කුමන කාලයට ද?



දිනය  2020.05.08                                         අභ්‍යාස  25       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මොහොල්නගා යනුවෙන් සෙල්ලිපිවල සඳහන්වන්නේ කුමක් ද? ඒ පිළිබඳ දැක්වෙන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(02) සෙල්ලිපි තුල දියකැට පහන යන යෙදුම භාවිතා කොට ඇත්තේ කුමක් හැඳින්වීම සඳහා ද ?  
(03)  දියකැට පහන යන්න භාවිතා කොට ඇත්තේ කුමන සෙල්ලිපියෙහි ද?
(04)  බිසෝකොටුව යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? කෙටියෙන් පැහැදිලි කරන්න.
(05) මඩ සොරොව්ව යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? විස්තර කරන්න.
(06) සෙල්ලිපි තුල අඩ්ක යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද?
(07) පුරාණ කාලයේ ඉදි කළ මහවැලි ගංගාව ආශ්‍රිතව දැකිය හැකි දැවැන්ත ඇල මාර්ග 2ක් සඳහන් කරන්න.
(08) අතීතයේ දී  මෙරට ජල කළමණාකරණය සඳහා ඉදිකල පොකුණු 04ක් සඳහන් කරන්න.
(09) ඌරාකැට ලිං යනුවෙන් හැඳින්වුයේ  කුමක්දැයි පැහැදිලි කරන්න.
(10) සීගිරි ජලමල් ක්‍රියාත්මක වූ අයුරු කෙටියෙන් විස්තර කරන්න.

දිනය  2020.05.07                                          අභ්‍යාස  24     

10 ශ්‍රේණිය සඳහා බහුවරණ ප්‍රෂ්ණ පත්‍රය  (01)



දිනය  2020.05.06                                          අභ්‍යාස  23       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) සකපෝරුව යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(02) කාලරක්ත වර්ණ  මැටි බඳුන් යනු මොනවා ද? විස්තර කරන්න.
(03) උඩරංචා මඩමෙන් සොයාගන්නා ලද වර්ණාලේපිත මැටි බඳුනෙහි දැකිය හැකි ලක්ෂණ මොනවා ද?
(04) අපේ රටේ පැරණිතම ජනාවාස පැතිරතිබුනේ කුමන ප්‍රදේශයේ ද?
(05) ජල කළමණාකරණය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(06) මහ වැව් ඉදිකිරීමේ ප්‍රධන අරමුණු 3ක් සඳහන් කරන්න.
(07) මෙරට ඉදිවූ මහ වැව් 5ක් නම් කරන්න.
(08) වැවක් නිර්මාණයේ දී වැව් බැම්ම ඉදිකළ අයුරු විස්තර කරන්න.
(09) වැවක ප්‍රධාන අගයක් වන රළපනාව යනුවෙන් හැඳින්වූයේ කුමක් ද?
(10) සොරොව්ව යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? 

දිනය  2020.05.05                                          අභ්‍යාස  22       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) බිම් වීදුරු යනුවෙන් හඳුන්වන්නේ මොනවා ද?
(02) වෙරයොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවාගෙන මෙවලම් තැනීමේ තාක්ෂණය හඳුන්වන්නේ කුමන නමින් ද?
(03) මැටි ඔරු ආකාරයේ සුසාන යනුවෙන් හඳුන්වන්නේ මොනවා ද?
(04) යම්කිසි වස්තුවක් පොළොවට ලම්භක වීමෙන් එමගින් පොළව මත ඇතිකරන පීඩනය නිෂ්ක්‍රීය වන බව අපේ පැරැන්නන් දැන සිටියහ. උදාහරණ දක්වන්න.
(05) දහනය සඳහා ඔක්සිජන් අවශ්‍ය බව මෙරට පූර්ව ඓතිහාසික යුගයේ වැසියන් දැන සිටියහ .උදාහරණ මගින් පැහැදිලි කරන්න.
(06) ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් නිමකල ගල් බැම්මකට අයත්  කොටසක් හමුව ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ද?
(07) ශ්‍රී ලංකාවේ නිවාස ඉදිකිරිම පිළිබඳ  පැහැදිලි සාක්ෂි හමුවන්නේ කුමන යුගයෙන් ද?
(08) උඩරංචමඩමෙන් හමුව ඇති නිවාසක නටඔුන් අයත් වන්නේ කුමන කාලයට ද?
(09) උඩරංචමඩමෙන් හමුව ඇති නිවස තුලින් හඳුනාගත හැකි ලක්ෂණ මොනවා ද?
(10) මැටි බඳුන් තැනීම පිළිබඳ පැහැදිලි සාක්ෂි හමුවන්නේ කුමන යුගයෙන් ද?


දිනය  2020.05.04                                          අභ්‍යාස  21       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) දෙමළ අධිකාරී යනු කවුරුන් ද?
(02) දෙමෙළ් අධිකාරී පාඩිරද් යනු කවුරුන්ද?  ඔහු පිළිබඳ සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(03) ඉන්දියානු කුලී හේවායින් ගේ සහාය පැතූ පැරණිතම ශ්‍රී ලංකික පාලකයින් තිදෙනෙකු නම් කරන්න.
(04) වේලෛයිකාර් හමුදාව යනු කවුරුන් ද?
(05) එකළොස්වන හා දොළොස්වන සියවස් වලදී මෙරට වෙළෙඳ කටයුතුවල නිරත වූ දකුණූ ඉන්දියානු වෙළඳ කණ්ඩායම කවුරුන් ද? 
(06) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හමුව ඇති ලෝකඩ මුද්‍රව අයත් වූයේ කුමන වෙළඳ කණ්ඩායමට ද?
(07) රේගු මුරපලක් පිළිබඳව සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(08)අරාබි ජාතිකයන් සමගද ඉතා සුහදව මෙරට වැසියන් කටයුතු කළ බව උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න.

දිනය  2020.05.03                                          අභ්‍යාස  20       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) අනුරාධපුර යුගයේ දී විදේශීය භික්ෂූන් වහන්සේලා විසින් අධ්‍යාපන කටයුතුවල නිරත වූ මෙරට පැවති කීර්තිමත් බෞද්ධ මධ්‍යස්ථාන මොනවා ද?
(02) රජරට ශිෂ්ටාචාරයට අයත් සාහිත්‍ය කෘති ලියවී ඇති භාෂාවන් මොනවා ද?
(03) මෙරට තුල රජරට ශිෂ්ටාචාර සමයේ පාලි භාෂාවෙන් ලියවී ඇති ග්‍රන්ථ මොනවා ද?
(04) සංස්කෘතික භාෂාවෙන් රජරට ශිෂ්ටාචාර සමයේ ලියවී ඇති ග්‍රන්ථ මොනවා ද?
(05) රජරට ශිෂ්ටාචාරයට අයත් සාහිත්‍ය කෘති අතර සිංහල භාෂාවෙන් ලියවී ඇති ග්‍රන්ථ මොනවා ද?
(06) සීගිරියේ කැටපත්පවුරේ කවි කොපමණ ප්‍රමණයක් හඳුනාගත හැකි ද?
(07) ජීවිතය ලැව් ගින්නකට හසුවූ වරා මලක් ලෙස දක්වා ඇත්තේ කුමන මූලාශ්‍රයක් තුල ද? 
(08) වෙනත් සංස්කෘතීන්ට අයත්  ජන කණ්ඩායම් මෙරට  නාගරික ජනප්‍රජාව අතර සිටි බව උදාහරණ මගින් පැහැදිලි කරන්න.
(09) දෙමළ ජාතික භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ දැක්වෙන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(10) දෙමළ ජාතික පුරුෂයෙකු සමග විවාහ වූ සිංහල කාන්තාවක් ගැන සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?

දිනය  2020.05.02                                          අභ්‍යාස  19       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) දෙමළ ජාතික වෙළඳුන් සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කුමන  නමින් ද?
(02) මාතොට හා ගෝකණ්ණතිත්ථ වරායන් සමීපයේ පිහිටා ඇති හින්දූ කෝවිල් මොනවා ද?
(03) නෙස්ටෝරියානුවන් යනු කවුරුන් ද?
(04) අනුරාධපුරයේ විසූ පර්සියානු වෙළඳ කණ්ඩායමක් පිලිබඳව සඳහන් වන්නේ කුමන දේශාටකයාගේ වාර්ථාවන් තුලද?
(05) පැරණිතම අරාබි භූගෝලවිද්‍යා ග්‍රන්ථය හඳුන්වන්නේ කුමන නමින් ද?
(06) අරාබි ජාතිකයන් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ කුමන නමින් ද?
(07) ක්‍රි.ව. 845 හෝ ඊට ආසන්න කාලය තුල දී  අරාබියත් ශ්‍රී ලංකාවත් අතර සුහද සබඳතාවයක් වර්ධනය වී තිබූ ආකාරය උදාහරණ  දක්වමින් පැහැදිලි කරන්න.
(08) පැරණි සෙල්ලිපි වල අචරිය යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද?
(09) ධනු අචරිය,හති අචරිය,අස අචරිය යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද?
(10)  පැරණි අනුරාධපුර නගරයේ පැවති බෞද්ධ මධ්‍යස්ථාන මොනවාද ? ඒවායෙහි සිටි භික්ෂූන් වහන්සේලා විසින් ප්‍රගුණ කළ භාෂාවන් මොනවා ද?

දිනය  2020.05.01                                          අභ්‍යාස  18       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මිහිඳු  මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ කුමන සියවසේ දී ද?
(02) හින්දු ආගමික අදහස් මෙරට පැතිර යාමට බලපෑ ප්‍රධානතම හේතුව කුමක් ද ?
(03) කටාරමක් යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? 
(04) කටාරම් සහ සෙල්ලිපි දැක්වෙන ස්ථාන 04ක් නම් කරන්න.
(05) පණ්ණසාලා යනුවෙන් හැඳින්වූයේ කෙබඳු ස්ථාන ද?
(06) සෙල්ලිපිවල අන්තේවාසික , සදිවිහරිය හා ථෙර ලෙස හඳුන්වා ඇත්තේ කවුරුන් ද?
(07)  ධර්මයේ  කරුණු කොටස් වශයෙන් මතකේ තබා ගනිමින් රැකගත් භික්ෂූන් හැඳින්වූයේ කුමන නමින් ද? උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න.
(08) වසවසික යනුවෙන් හැඳින්වූයේ කුමක්ද? එය සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(09) උත්තිය නම් වූ භික්ෂූන් වහන්සේනමකට කඨින චීවරයක් පූජාකළ බව සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(10)  සිවිකාසාලා හා සොත්ථිසාලා යනුවෙන් හැඳින්වූයේ කෙබඳුු ස්ථාන ද?

දිනය  2020.04.30                                          අභ්‍යාස  17       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) දකුණු ඉන්දියානු සම්භවයක් ඇති වෙළඳ සංවිධාන 03ක් සඳහන් කරන්න.
(02)  දකුණු ඉන්දියානු වෙළඳ සංවිධානයකට අයත් ලෝහ මුද්‍රාවක් හම්බන්තොට ප්‍රදේශයෙන් හමුව ඇත. එම වෙළඳ සංවිධානය කුමක් ද?
(03)  කබොජ මහ පුගිය යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද ?එය සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(04)  අතීත ශ්‍රී ලංකාවේ පැවති පැරණි වරායන් 04ක් සඳහන් කරන්න.
(05) පුරාණ කාලයේ දී ගුරුවරුන් හැඳින්වීමට යෙදුවේ කුමන නාමය ද?
(06) සෙල්ලිපි වල සඳහන් විවිධ ගුරු වෘත්තීන් මොනවා ද?
(07) වෙජ යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද? මහවෙදනා යන නාමය භාවිත කරනු ලැබූවේ කා හට ද?
(08) අතීතයේ දී මෙරට තුල නීතිය සම්බන්ධයෙන් හසල දැනුමක් පැවති පුද්ගලයින් හුඳින්වූයේ කුමන නමින් ද?
(09)  අතීතයේ මෙරට සිටි ශිල්පීන් කවුරුන් ද?
(10)  චිතකර , ලපන යනු කවුරුන් ද ? සෙල්ලිපි ඇසුරෙන් උදාහරණ දක්වන්න,

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා  


දිනය  2020.04.29                                          අභ්‍යාස  16       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01)  මැටි කර්මාන්තයේ  නියැලී සිටි පුද්ගලයින් සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කුමන නමින් ද?
(02)  තතවය යනුවෙන් හැඳින්වෙන්නේ  කවුරුන් ද? ඒ පිළිබඳ සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(03)  පුර යනුවෙන් හඳුන්වා ඇත්තේ කෙබඳු ස්ථාන ද?
(04)  කාල සුමන නම් වෙළඳපල පිහිටා තිබුනේ කුමන ප්‍රදේශයේ ද?
(05)  අබල වපර ලෙස හැඳින්වූයේ කවුරුන් ද?
(06)  වෙළඳ සමූහ  මූලාශ්‍රවල හඳුන්වා ඇත්තේ කුමන නමින් ද?
(07)  වණිජ හෝ වාපර ලෙස මූලාශ්‍රවල හඳුන්වා ඇත්තේ කවුරුන් ද?
(08)  පැරණි සමාජයේ වෙළඳුන් ධනවත් පිරිසක් ලෙස කටයුතු කලහ. උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න
(09)  හෝපිටිගම සෙල්ලිපිය කරවූයේ කවුරුන් විසින් ද?
(10)  හෝපිටිගම සෙල්ලිපියෙහි ඇතුලත් නීති 5ක් සඳහන් කරන්න.

දිනය  2020.04.28                                          අභ්‍යාස  15       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) සෙල්ලිපි වල වී වගාකරන ලද ස්ථාන හැඳින්වූයේ කුමන නමින් ද?
(02) කෙත යන වචනය සකස් වූ ආකාරය විස්තර කරන්න
(03)  වී වගා කළ කාල හඳුන්වා ඇත්තේ කුමන නමින් ද?
(04) ගෝපාල ගම් යනු මොනවා ද?
(05)  කිරිගෙරි යන්නෙහි අර්ථය පැහැදිලි කරන්න.එය සඳහන් වන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(06) ගෘහණියක් එළදෙනකගෙන් කිරිදෝවනය කරන අයුරු දැක්වෙන කැටයමක් හමුව ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ද?
(07)  ගවයින් හැරුණු කොට වෙනත් සතුන් මෙරට ඇතිකර තිබෙන බව උදාහරණ දක්වමින් පැහිදිලි කරන්න,
(08)  කබර යනු කවුරුන් ද?
(09) මජ්ජිම නම් කම්මල් කරුවා ගැන දැක්වෙන්නේ කුමන සෙල්ලිපියෙහි ද?
(10) තබකර, තුලාධාර,ස්වර්ණකාර, මණිකර, දටික ලෙස හැඳින්වූයේ කවුරුන් ද උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න.

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා  


දිනය  2020.04.27                                          අභ්‍යාස  14       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) අතීතයේ ලාංකීය රජවරුන් අසල්වැසි රටවල් සමග විවාහ සබඳතා මගින් සුහදතාවය වර්ධනය කරගත් අයුරු උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න .
(02) වේලෛක්කාර් හමුදාව යනු කවුරුන් ද?
(03) ක්‍රි.ව. 10 වන සියවසෙන් පසු මෙරට රජවරුන් අරාබි රටවල් සමග වෙළඳ සබඳතා ගොඩනගා ගත්හ උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න.
(04)  පුරාණ ගොවිතැන අතීතයේ දී ප්‍රධාන ආකාර දෙකකට සිදු විය. එම ආකාර දෙක නම් කරන්න.
(05) විවිධ මූලාශ්‍රවල හේන හඳුන්වා ඇත්තේ කුමන ආකාරයෙන් ද?
(06)  හේනක් සකස් කළ අයුරු කෙටියෙන් විස්තර කරන්න.
(07) නවදැලි හේන කනත්ත ,යනුවෙන් හැඳින්වූයේ  මොනවා ද විස්තර කරන්න.
(08)  හේන් වගා කිරීමේ දී ඇතැම් රජවරුන් බදු අයකොට ඇත, උදාහරණ දක්වමින් විස්තර කරන්න.
(09)  හේනක් තුල වගා කළ එළවළු හා ධාන්‍ය වර්ග මොනවා ද?
(10)  වී වගාව වර්ධනය වීමට බලපාන්නට ඇතැයි සිතිය හැකි ප්‍රධානතම සාධකය කුමක් ද?



දිනය  2020.04.26                                          අභ්‍යාස  13       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මිනිසුන්ට පමණක් නොව සතුන්ටද වෛද්‍ය ප්‍රතිකාර සිදුකල රජු කවුරුන්ද ?
(02) පොදු සෞඛ්‍ය පහසුකම් නාගසිටුවීම සඳහා විවිධ අයුරින් කටයුතු කල රජවරුන් 5 දෙනෙකු නම් කරන්න 
(03) හතරවන කාශ්‍යප රජු විසින් උණ රෝගීන් සඳහා ඉදිකරන ලද විශේෂ රෝහල කුමක් ද ?
(04) මාතෘ නිවාස ඉදිකල රජවරුන් දෙදෙනෙකු දක්වන්න ?
(05) පසවන්ති නාම ශාලා යනු මොනවා ද ?
(06) අටුවා ග්‍රන්ථවල හා සෙල්ලිපිවල මාතෘ නිවාස හඳුන්වා ඇත්තේ කුමන ආකාරයෙන් ද ?
(07)  පණ්ඩුකාභය රජු දවස සොත්ථිසාලා යොදාගත්තේ කුමන කටයුත්තක් සඳහා ද ?
(08) අතීතයේ මෙරට රජවරුන් විදේශ  රටවල් සමග රාජතාන්ත්‍රික සබඳතා පැවැත්වූ අයුරු විස්තර කරන්න .
(09) භාතිකාභය රජු විසින් රෝමානු දේශයට තානාපතිවරුන් යවන ලද්දේ කුමන කටයුත්තක් සඳහා ද ?
(10) චීන රාජ්‍ය සමග විසි වතාවක් රාජ්‍ය දූත සබඳතා පැවැත් වූ රජු කවුරුන් ද ?

දිනය  2020.04.25                                          අභ්‍යාස  12       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) රටක පාලනය මෙහෙයවන ප්‍රධාන ආයතන තුන සඳහන් කරන්න .
(02) එක්තැන් සමිය යනු කුමක් ද ?
(03)  බුද්ධන්නේහෙල සෙල්ලිපියේ අන්තර්ගත වන්නේ මොනවා ද ?
(04) සෙල්ලිපි වල සභාව යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද ?
(05) මහලේ යන්නෙහි අර්ථය පැහැදිලි කරන්න .
(06) මහලේ කස්බා යනු කව්රුන් ද ? උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න .
(07) වල්ලිපුරම්  රන්සන්නස කරවූයේ කවුරුන්ද එහි අන්තර්ගත වන්නේ මොනවා ද ?
(08) දසගම් ඇත්තන් යනු කව්රුන්ද ?
(09)  කළුදිය පොකුණ සෙල්ලිපියෙහි අන්තර්ගත වන්නේ කුමක් ද යන්න පැහැදිලි කරන්න ?
(10) වෙජ්ජ ශාලා යනුවෙන් පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වන්නේ මොනවා ද ?

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

දිනය  2020.04.24                                          අභ්‍යාස  11       

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) දේශපාලන බලය මධ්‍යගත වූ පසු රටේ පාලකයා හැඳින්වූයේ කුමන නමින්ද ?
(02) මහමත, ශෙනපති, බඩගරික යනුවෙන් හැඳින්වූයේ කව්රුන්ද ?
(03) බතගු , නගරවුඩික, කනපෙඩික යනු කවුරුන්ද ?
(04) දුටුගැමුණු රජතුමා විසින් ජනතා ශුභසිද්ධිය සඳහා ගනු ලැබූ  සහනශීලී ප්‍රතිපත්ති 02ක් දක්වන්න ?
(05) ලම්බකරණ වංශයේ ආරම්භක පාලකයා කවුරුන්ද?
(06) වසභ රජු විසින් ඉටුකළ සේවාවන් 03ක් නම්කරන්න?
(07) ශ්‍රී ලංකාව දීර්ඝ චෝළ පාලනයකට නතුව තිබිය දී එම බලය මැඩලූ රජතුමා කවුරුන්ද? 
(08) කීර්ති කුමරු කුඩා කළ වාසය කල ප්‍රදේශය කුමක්ද? 
(09) පනාකඩුව තඹ සන්නස සකස් කිරිමේ අරමුණ පැහැදිලි කරන්න?
(10) පළමුවන විජයබාහු රජු අනුරාධපුරය වෙනුවට පොලොන්නරුව තම පාලන මධ්‍යස්ථානය කරගැනීමට බලපෑ හේතු මොනවා ද?      
  

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

දිනය  2020.04.23                                          අභ්‍යාස  10        

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) දුටුගැමුණු රජුහට සහාය පලකල පරුමකවරුන් කව්රුන්ද ?
(02)  දේශපාලන බලය මාධ්‍යගත වීමට බලපෑ  රජවරුන් තිදෙනෙක් නම් කරන්න .
(03) රෝමයෙන් විදුරු පබළු ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබුවේ කවුරුන්ද ?
(04) වල්ලිපුරම් රන්පතෙහි සඳහන් වන්නේ කුමන කරුණක් පිළිබඳව ද ?
(05)  රජු විසින් ඉටුකලයුතු කාර්යයන් මොනවාද ?
(06)  රාජ්‍යත්වය පිළිබඳ ගොඩනැගී ඇති සංකල්ප මොනවාද ?
(07) රට පාලනය කිරීමේදී රජු බෝධිසත්වයෙකු හෝ දෙවියෙකු ලෙස පෙනී සිටි අවස්ථා දක්නට ලැබේ උදාහරණ දක්වන්න. 
(08) පර්වතරාජ හා චක්‍රවර්ති යන සංකල්පවලට උදාහරණ 2ක් සඳහන් කරන්න. 
(09) නිශ්ශංකමල්ල රජු සෙල්ලිපිවල තමා හඳුන්වාගෙන ඇත්තේ කුමන නමින්ද ?
(10) පැරණි ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය හිමි වූ ප්‍රධාන ක්‍රම දෙකකි. උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. 

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 


දිනය  2020.04.22                                           අභ්‍යාස  09        

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) ගමිකයන් ඉටු කලයුතු කාර්යන් මොනවා ද ?
(02) ගමික සිව ,ගමික සුමන ,ගමික තිදන යනු කවුරුන් ද ?
(03) වියලි කලාපයේ ජනාවාස පැතිර ගියේ කුමන ප්‍රදේශවල ද ?
(04) පරුමකවරුන් යනු කවුරුන්ද ?
(05) පරුමකලු යනු කවුරුන්ද ?
(06) පොචනිරජ හා දුහතර රජ යනු කවුරුන්ද ?
(07) රජ යන පදයෙහි තේරුම කුමක් ද ?
(08) ඓතිහාසික මුලාශ්‍රවල සඳහන් මෙරට පාලනය කළ ප්‍රථම රජු කවුරුන්ද ?
(09) මපුරුමුකා යනු කවුරුන්ද ?
(10)  දේවානම් පියතිස්ස රජුගේ කාලය වනවිට මෙරට දේශපාලන බලය මධ්‍යගත වීම තවදුරටත් හඳුනාගත හැකිවිය .උදාහරණ මගින් පහදන්න .



දිනය  2020.04.21                                           අභ්‍යාස  08        

10ශ්‍රේණිය සඳහා - ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01)  මහා සම්මත යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද ?
(02)  පූර්ව රාජ්‍ය සමයේදී මෙරට පාලනය කරනු ලැබුවේ කවුරුන් ද ?
(03)  පරුමකවරුන්ට කිසියම් ආකාරයක ප්‍රාදේශීය බලයක් හිමිව තිබුණි. උදාහරණ දක්වන්න .
(04)  තොටබෝජක යන්නෙහි අර්ථය පැහැදිලි  කරන්න.
(05)  සෑමපවුලකම ප්‍රධානියා හැඳින්වූයේ කුමන නමකින් ද ?
(06)  සෙල්ලිපිවල පවුලක ප්‍රධානියා හඳුන්වා ඇත්තේ කුමන නමකින් ද ?
(07)  අනුරාධපුර පෙරියපුලියන්කුලම සෙල්ලිපියෙහි ඇති වැදගත්කම  සඳහන් කරන්න ?  
(08)  සෙල්ලිපිවල හා අටුවාවල ගමිකයන් පිලිබඳව සඳහන්ව ඇත්තේ කුමන නමින් ද ?
(09)  ජාතකට්ඨකතාවේ  සඳහන් ගමිකයන් පිළිබඳ සඳහන් වේ. එය විස්තර කරන්න. 
(10)  එල්ලංගාව යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද යන්න විස්තර කරන්න.  

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 


දිනය  2020.04.20                                           අභ්‍යාස  07        

10ශ්‍රේණිය සඳහා - මුල්  ඓතිහාසික යුගයේ ජනාවාස 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) දසගම් ඇත්තන් ලෙස හැඳින්වූයේ කවුරුන්ද? 
(02) දසගම්  ඇත්තන් පිළිබඳ සඳහන් සෙල්ලිපිය කුමක් ද?
(03) එහි සඳහන් වන්නේ කිනම් කරුණක් පිළිබඳව ද ?
(04) මුල් ඓතිහාසික යුගයේ යැපීම්ක්‍රම  විස්තර කරන්න .
(05)  මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ස්වරූපය විස්තර කරන්න . 
(06) ශ්‍රී ලංකා සිතියමක පහත සඳහන් ස්ථාන සලකුණු කරන්න.
        (අනුරාධපුරය ,පොලොන්නරුව ,මාගම ) 

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා

දිනය  2020.04.19                                           අභ්‍යාස  06        

10  ශ්‍රේණිය සඳහා -මුල්  ඓතිහාසික යුගයේ ජනාවාස 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01) මුල් ඓතිහාසික යුගය ලෙස හඳුන්වන්නේ කුමන කාලයද ?
(02)  මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය පෙන්නුම් කෙරෙන ප්‍රධාන සාධකය කුමක් ද ?
(03) පුරණ ජනාවාස ව්‍යාප්තියට බලපෑ  ප්‍රධාන සාධක මොනවාද ?
(04) මුල් ඓතිහාසික යුගයේදී ජනවාස ව්‍යප්තවුයේ කුමන දේශගුණික ප්‍රදේශ වලද ?
(05) තිස්සමහාරාම වැව ඉදිකරන ලද්දේ කවුරුන් විසින්ද කුමන කාලයේද ?
(06) අවරණ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?
(07) මහාවංශයේ සඳහන් වාපි ගම්මාන 4ක් දක්වන්න 
(08) කාසිකාරග්‍රාම හා මණීකාරග්‍රාම ලෙස හැඳින්වූයේ මොනවා ද ?
(09) ගොපල්ලන් විසූගම් ,වළං සාදන්නන් විසූ ගම් හා වඩුවන් විසූ ගම් කිනම් නමකින් හඳුන්වනු ,ලැබුවේ ද ?
(10) පරික්ඛිත හා අපරික්ඛිත ගම් යන මොනවා ද ?
(11) නුරුපුර හා නකර යනුවෙන් හැඳින්වුයේ කුමන ස්ථානද ?
(12) ගහපති හා ගමික යනුවෙන් හැඳින්වුයේ කවුරුන්ද ? 

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 


දිනය  2020.04.18                                           අභ්‍යාස  05        

10  ශ්‍රේණිය සඳහා -පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න.

(01) ස්ථිරවාසීතාවය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?
(02) ස්ථිරවාසීතාවය පිළිබඳව සාදධක හඳුනාගෙන ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ද?
(03)  රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාග් ඓතිහාසික ජනාවාසයෙන් හමුවූ පුරා විද්‍යාත්මක සාධක මොනවා ද ?
(04)  හල්දුම්මුල්ල ජනවාසයෙන් හමුවුයේ මොනවා ද ?
(05)  පූර්ව ඓතිහාසික යුගයේ මැටි භාණ්ඩ  භාවිතා කල බවට සාධක  හමුවේ උදාහරණ දක්වන්න .
(06)  යකඩ භාවිතය හා සතුන් දඩයම් කිරීම පිළිබඳ උඩරංචාමඩමෙන් සාක්ෂි හමුවේ  විස්තර කරන්න .
(07)  පූර්ව ඓතිහාසික යුගයේ කාන්තාවන් තම රූසපුව පිළිබඳව  උනන්දුවක් දැක්වුබව උදාහරණ මගින් පහදන්න 
(08)  පහත සඳහන් ස්ථාන ලංකා සිතියමක ඇඳ දක්වන්න 
  (පොම්පරිප්පුව ,ඉබ්බන්කටුව ,යටිගල්පොත්ත ,හල්දුම්මුල්ල ,බෙරගල ,රංචාමඩම ,බණ්ඩත්තර )

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

දිනය  2020.04.17                                           අභ්‍යාස  04         

10  ශ්‍රේණිය සඳහා 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න.

පුර්ව ඓතිහාසික යුගයේ ජනාවාස 

(01) පූර්ව  ඓතිහාසික යුගය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?
(02)  ප්‍රාග් ඓතිහාසික  යුගයෙන් පූර්ව  ඓතිහාසික යුගය වෙන්වී පෙනෙන්නේ කුමන සාධක මගින්ද ?
(03)  මුල් යකඩ යුගය ලෙස හඳුන්වන්නේ කුමන ඓතිහාසික යුගයද ?
(04)  පූර්ව  ඓතිහාසික යුගය තුල දක්නට ලැබෙන  පරිවර්තනයන් දෙකක් නම් කරන්න .
(05)  පූර්ව  ඓතිහාසික යුගය පිළිබඳ පැරණිම සාධක අයත් වන්නේ කුමන කාලයටද ?
(06)  සබරගමුව පළාතට අමතරව පූර්ව  ඓතිහාසික යුගය පිළිබඳ සාධක හමු වන්නේ කුමන ප්‍රදේශයෙන්ද ?
(07)  පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය හැදෑරීමට යොදාගත හැකි ප්‍රධාන අංගයක් වන්නේ කුමක් ද ?
(08)  ශිලා මංජුසා සොහොන් යනු මොනවා ද ?
(09) ශිලා මංජුසා සොහොන් වලට උදාහරණ 3ක් දක්වන්න 
(10)  භරණිසුසාන යනුවෙන් හඳුන්වන්නේ මොනවා ද ?
(11)  හල්දුම්මුල්ල හා බෙරගලින් හමුවූ පූර්වඓතිහාසික යුගයට අයත් සුසාන තුල  භෂ්මාවශේෂ තැන්පත් කිරීමට භාවිතා කළ ක්‍රමවේදය විස්තර කරන්න
(12)  මැටි ඔරු සුසාන දිගුකාලයක් ආරක්ෂා වීමට බලපෑ ප්‍රධානතම හේතුව සඳහන් කරන්න

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

දිනය  2020.04.16                                           අභ්‍යාස  03         

10  ශ්‍රේණිය සඳහා 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න.

                                  තාක්ෂණය 

(01)  ගල් යුගයේ තාක්ෂණය පිළිබඳව විස්තරාත්මකව දැනුමක්  ලබා ගැනීමට ඉවහල් වන්නේ මොනවාද ?
(02) ක්ෂුද්‍ර ශිලා  මෙවලම් දිගින් කොපමණ වීද ?
(03)  ක්ෂුද්‍ර ශිලා මෙවලම් තැනීමට යොදා ගත්තේ මොනවාද ?
(04)  ක්ෂුද්‍ර ශිලා මෙවලම් මගින් සිදුකල කාර්යන් 4ක් දක්වන්න .
(05)   ගල් යුගයේ මිනිසුන්ගේ ශරීර ස්වභාවය විස්තර කරන්න .
(06)   බදුල්ලට නුදුරු රාවණා  ඇල්ල  ගුහාවෙන් හමුවී ඇති අභිචාර විධි පිළිබද සාධක මොනවා ද ?
(07)   රතු පැහැති ගුරුගල් අලේප කරන ලද ඇටසැකිලි හමුවුයේ කුමන ප්‍රදේශයෙන්ද ?
(08)   වකුටුකර ඇටසැකිලි වලදමා තිබුනේ කුමන ප්‍රදේශයේ  ද ?
(09) පහත ඡායා රූපයේ දැක්වෙන්නේ කුමක්ද ?


(10)  ඉහත ඡායාරූපයේ දැක්වෙන සොහොන්බිම අයත්වන්නේ කුමන කාලයටද ?


දිනය  2020.04.15                                           අභ්‍යාස  02    

10  ශ්‍රේණි සඳහා 

උපදෙස්

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න.

ජනාවාසවල මුලික ලක්ෂණ 


(01) ප්‍රාග් ඓතිහාසික මානවයා වැඩ් වශයෙන් වාසය කිරීමට කැමැත්තක් දැක්වූයේ කුමන ප්‍රදේශ වල ද?
(02) ප්‍රාග් ඓතිහාසික ජනයා වාසය කළ  එළිමහන් වාසස්ථාන මොනවා ද?
(03) ගල් ගුහා වාසස්ථාන කිහිිපයක් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව හඳුනාගෙන ඇත ඒ මොනවා ද?
(04)  පහත දැක්වෙන ස්ථාන ලංකා සිතියමක ඇඳ දක්වන්න.
  • වෙරළාශ්‍රිත එළිමහන් ජනාවාස
  • පහත රට තෙත් කලාපීය ලෙන්
  • පහත රට වියළි කලාපීය ලෙන්
  • තෙත් කලාපීය එළිමහන් වාසස්ථාන
  • කඳුකර එළිමහන් දඩයම් වාසස්ථාන   
(05) ප්‍රාග් එතිහාසික යුගයේ මානවයා ජීවිකාව පවත්වාගෙන ගිය ආකාරය විස්තර කරන්න.
(06)  කුඩා ජන කණ්ඩායම් ලෙස ප්‍රාග් යුගයේ මානවයා  වාසය කල ආකාර විස්තර කරන්න.
(07)  තම ඥාතියෙකු මිය ගිය පසු ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා කටයුතු කළ ආකාරය විස්තර කරන්න.
(08)  ප්‍රාග් යුගයේ ආහාර රටාව පිළිබඳ සාක්ෂි හමුවන්නේ කුමන ප්‍රදේශ වලින් ද?
(09)  ප්‍රාග් යුගයේ මානවයා දඩයම් කළ සතුන් දසදෙනෙකු නම් කරන්න.
(10)  පිෂ්ටය ලබා ගැනීමට හා ආහාර සඳහා අවශ්‍ය ලුණු ලබා ගැනීමට ප්‍රාග් ඓතිහාසික මානවයා කටයුතු කල ආකාරය විස්තර කරන්න.




ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

දිනය  2020.04.14                                                           අභ්‍යාස  01   

10  ශ්‍රේණිය  සඳහා 

ශ්‍රී ලංකාව ජනාවාස විම


 උපදෙස්
 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින්  පිළිතුරු සපයන්න

(01)    ශ්‍රී ලංකාව මිනිස් ජනාවාසයක් බවට පත්වුයේ කුමන කාලයේද ?
(02)     ප්‍රාග් ඓතිහාසික යුගයට සංස්කෘතික අවදි දෙකක් අයත්ය ඒ මොනවාද ?
(03)     ගල් යුගය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද ?
(04)     ප්‍රාග් ඓතිහාසික යුගය ලෙස හදුන්වන්නේ කුමක්ද ?
(05)     ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථාන මොනවා ද?
(06)     ඉරණමඩු සැකැසම යනු කුමක්ද ?
(07)     ප්‍රධාන පාරිසරික කලාප 6ක් ගල් යුගයට අයත් වේ ඒ මොනවා ද ?
(08)    ගල් යුගයට අයත් සාක්ෂි සොයාගත් ස්ථාන මොනවද ?
(09)    බුන්දල වැල්ලේගංගොඩ ප්‍රදේශයේ ඇති  වැදගත්කම කුමක් ද ?
(10)     බුලත්සිංහල පාහියන්ගල ගල් යුගය  පිළිබද  සාක්ෂි සපයන ස්ථානයකි  විස්තර කරන්න

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

                                                                

Comments

  1. ජලාශවල ජීවත් වන පක්ෂීන් නොමැරිය යුතු බවට නීතියක් පැනවූ රජතුමා

    ReplyDelete
  2. වටිනව වැඩපිලිවෙලක් .ස්තූති‍යි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

11 ශ්‍රේණිය පින්තූර ආශ්‍රිත කෙටි ප්‍රශ්ණ

ශ්‍රී ලංකාව ජනාවාස වීම

ගින්නලිය මහා විද්‍යාලය