9 ශ්‍රේණිය

2020.12.07                                    අභ්‍යාස 32

5 පාඩම - නිදහසින් පසු ශ්‍රී ලංකාව
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවතියේ කුමන වර්ෂයේ ද?
(02) එක්සත් ජාතික පක්ෂය පිහිටවූයේ කවුරුන් විසින් ද?
(03) එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොපමණ ආසන ප්‍රමාණයක් හිමිකර ගනු ලැබූවේ ද?
(04)  ලංකා සමසමාජ පක්ෂය විසින් හිමිකරගත් ආසන ප්‍රමාණය කොපමණ ද?
(05) මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද?
(06)  ඩී.එස් . සේනානායක මහතා බ්‍ර්තාන්‍යයන් සමග ඇතිකරගත් ආරක්ෂක ගිවිසුමට අනුව මෙරට තුල බ්‍රිතාන්‍යයන්ට හිමිවූ තත්තවය පැහැදිලි කරන්න.
(07) ඩී.එස් . සේනානායක මහතා අභාවප්‍රාප්ත වූයේ කුමන වර්ෂයේ ද?
(08)  ඩී.එස් . සේනානායක මහතා ගෙන් පසුව අගමැති ධුරයට පත්වූයේ කවුරුන් ද?



2020.12.04                                    අභ්‍යාස 31

5 පාඩම - ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01)  දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූයේ කුමන වර්ෂයේ ද?
(02)  දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති අවධියේ දී මෙරට ඇමති මණ්ඩලය බ්‍රිතාන්‍ය රජයට සහාය දැක්වීමට  බලපෑ ප්‍රධාන හේතුව සඳහන් කරන්න.
(03) 1943 දී  ව්‍යවස්ථා කෙටුම්පත සකස්කරනු ලැබුවේ කවුරුන් ද?
(04) සෝල්බරි ආණ්ඩුක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ මොනවා ද?
(05)  සෝලබරි ආණ්ඩුක්‍රමය යටතේ ආණ්ඩුකාර ධූරය අහෝසි කොට ස්ථාපිත කල නව තනතුර කුමක් ද?
(06)  මෙරට ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා කවුරුන් ද?
(07) ද්වි මණ්ඩල පාර්ලිමේන්තුව යනු කුමක් ද?
(08)  සෙනට් මණ්ඩලය යනු කුමක් ද කෙටියෙන් විස්තර කරන්න.
(09)  සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ විධායක බලය හිමිවූයේ කා හට ද?
(10)  කැබිනට් මණ්ඩලයට මන්ත්‍රීවරුන් තෝරාපත්කරගනු ලැබූවේ කුමන ආකාරයට ද කෙටියෙන් විස්තර කරන්න.
(11) රාජ්‍ය සේවා කොමිසම යනු කුමක් ද?
(12)  අධිකරණ සේවා කොමිසමෙහි කාර්ය භාර්ය පැහැදිලි කරන්න.

2020.11.10                                    අභ්‍යාස 30

5 පාඩම - ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) ඩොනමොර් ආණ්ඩුක්‍රමය හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේ දී ද?
(02)මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය හඳුන්වා දීමෙන් පසු ආණුඩුකාරවරයාට උපාය ශීලීව කටයුතු කිරිමට සිදුවූයේ කුමන හේතුව නිසාවෙන් ද?
(03) ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ රාජ්‍ය මණ්ත්‍රණ සභාව සකස් වූ අයුරු විස්තර කරන්න
(04) සර්වජන ඡන්ද බලය යනු කුමක්ද කෙටියෙන් පැහැදිලි කරන්න.
(05) රාජ්‍ය මණ්ත්‍රණ සභාව යටතේ පිහිටවූ විධායක කරක සභා නම් කරන්න.
(06) සභාපතිවරු හත්දෙනාට අමතරව  ඇමති තනතුරු හිමිවූ නිළධාරීන් කවුරුන් ද?
(07)ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ආණ්ඩුකාර වරුන්ට හිමිවූ බලතල මොනවාද?
(08)  ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පැවති වැදගත් අංශ තුනක් රජයේ නිළධාරීන් මගින් පාලනය විය. එම අංශ හා නිළධාරීන් නම් කරන්න.
(09)  සෝල්බරි ආණ්ඩුක්‍රමය හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේ ද?
(10) ඩොනමොර් ආණ්ඩුක්‍රමයෙන් පසු නව ආණ්ඩුක්‍රමයක්  ඉල්ලා පැවති උද්ඝෝෂණ වල ප්‍රධාන අරමුණු මොනවා ද?

2020.05.19                                    අභ්‍යාස 29

5 පාඩම - ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) කෘෘව් මැකලම් ආණ්ඩුක්‍රමය යටතේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව කෙපමණ ද?
(02) 1910 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන්ට අනුව උගත් ලාංකික තනතුර සඳහා තේරීපත් වූ පුද්ගලයා කවුරුන් ද?
(03) ලංකා ජාතික සංගමය පිහිටවූයේ කුමන වර්ෂයේ දී ද?
(04) ලංකා ජාතිත සංගමයේ ප්‍රථම සභාපතිවරයා කවුරුන් ද?
(05) ලංකා ජාතික සංගමය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු මොනවා ද?
(06) 1920 වර්ෂයේ හඳුන්වාදුන් ආණ්ඩුක්‍රමය සඳහන් කරන්න.
(07) 1920 වර්ෂයේ හඳුන්වාදුන් ආණ්ඩුක්‍රමයෙහි ව්‍යවස්ථාදායක සභාව සකස් වූ අයුරු පැහැදිලි කරන්න.
(08) මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය හඳුන්වා දෙනු ලැබූවේ කුමන වර්ෂයේ ද?
(09)මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය තුල ව්‍යවස්ථාදායක සභාවෙහි සාමාජිකයින් සංඛ්‍යාව කොපමණ ද? පැහැදිලි කරන්න.
(10)  මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ආණ්ඩුකාරවරයා අසීරු තත්ත්වයකට මුහුණ පෑමට බලපෑ ප්‍රධානතම සාධකය කුමක් ද?


2020.05.17                                    අභ්‍යාස 28

5 පාඩම - ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) යුරෝපීයන් විසින් මෙරට තුල 1833 වර්ෂයෙන් පසු උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලපෑ හේතූන් මොනවා ද?
(02) ලංකා සංගමය ආරම්භකරන ලද්දේ කවුරුන් විසින් ද?
(03) ලංකා සංගමය ආරම්භකරන ලද්දේ කුමන වර්ෂයේ ද?
(04) මෙරට තුල කොල්බෘෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලින් පසුව ඉංග්‍රීසි උගත් මධ්‍යම පාන්තික පිරිසක් බිහිවීමට බලපෑ සාධක මොනවා ද?
(05) මුල්කාලීන දේශපාලන උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන් උගත් ලාංකික මාධ්‍යම පාන්තිකයන් කවුරුන් ද?
(06) උගත් ලාංකිකයන්ගේ මැදිහත්වීම මත උද්ඝෝෂණ මෙහෙයවීම සඳහා පිහිටවූ  සංවිධාන මොනවා ද?
(07) නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් පිළිබඳව අවශ්‍යතාවය  මුල් වරට ලිපියක් මගින් දීර්ඝ ලෙසින් ඉදිරිපත් කරනු ලැබූවේ කවුරුන් ද? 
(08) පෙත්සම් මගින් ලාංකිකයින් ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණ 03ක් සඳහන් කරන්න.
(09) කෘෘව් මැකලම් ආණ්ඩුක්‍රමය හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේ ද?
(10) කෘෘව් මැකලම් ආණ්ඩුක්‍රමය හඳුන්වා දුන්නේ කවුරුන් විසින් ද?


2020.05.16                                    අභ්‍යාස 27

5 පාඩම - ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) බ්‍රිතාන්‍යයන් විසින් මෙරට කොපමණ කාලයක් පාලනය කරනු ලැබුවේ දැයි සඳහන් කරන්න.
(02) කෝල්බෘෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන ලද්දේ කුමන වර්ෂයේ දී ද?
(03) කෝල්බෘෘක් කොමිසම මගින් විමර්ශනයට ලක්වූ ක්ෂේත්‍ර මොනවා ද?
(04) කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවල කැපී පෙනෙන ලක්ෂණ 5ක් සඳහන් කරන්න.
(05) 1833 වර්ෂයේ හඳුන්වාදුන් ආණ්ඩුක්‍රමයෙහි ව්‍යවස්ථාදායක සභාව සකස්වූ ආකාරය විස්තර කරන්න.
(06) කෝල්බෘෘක් යෝජනාවන්ට අනුව විධායක සභාව සකස් වූ ආකාරය විස්තර කරන්න.
(07) පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා  මුළු රටම පළාත් 5කට බෙදීමට කෝල්බෘෘක් කොමිසම මගින් යෝජනා කරන ලදී , එම පළාත් 5 සහ එහි පරිපාලන මධ්‍යස්ථාන නම් කරන්න.
(08) අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(09)  කෝල්බෘෘක් කොමිසම මගින් ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලද්දේ කුමන හේතුව නිසාවෙන් ද?
(10) කෝල්බෘෘක් ආණ්ඩුක්‍රමයේ සංශෝධන ඇතිකර ගැනීමේ අරමුණින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භකරන ලද්දේ කවුරුන් විසින් ද?

2020.05.15                                    අභ්‍යාස 26


2020.05.14                                    අභ්‍යාස 25

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) මවුලානා අබුල් කලාම් අසාද් මහතා ඉන්දියානු ජාතික සංගමයේ  සභාපති වශයෙන් කොපමණ කාලයක් කටයුතු කරනු ලැබුවේ ද?
(02) ජවහර්ලාල් නේරු තුමා උපත ලැබූවේ කුමන ප්‍රදේශයේ ද?
(03) මූලික අධ්‍යාපනයෙන් අනතුරුව  ජවහර්ලාල් නේරු තුමා වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටත්ව ගියේ කුමන රටට ද?
(04) ඉන්දියාවට නිදහස හිමිවීමෙන් පසු ජවහර්ලාල් නේරුතුමා දැරූ තනතුර කුමක් ද?
(05) ජවහර්ලාල් නේරු තුමා විසින් රච්ත භාෂා කිහිපයකට පරිවර්ථනය වූ කෘතිය කුමක් ද?
(06) ජවහර්ලාල් නේරු තුමා ගේ දියණිය කවුරුන් ද?
(07) පහත ඡායාරූප නම් කරන්න





2020.05.13                                    අභ්‍යාස 24

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) ඩෙකෑන් අධ්‍යාපන සමාජය පිහිටවූයේ කවුරුන් විසින් ද?
(02) බාල් ගංගාධාර් තිලක් විසින් ආරම්භ කරන ලද පුවත්පත් මොනවා ද?
(03) බාල් ගංගාධාර් තිලක් හඳුන්වන ගෞරව නාමය කුමක් ද?
(04) මහත්මා ගාන්ධිතුමන් ගේ සම්පූර්ණ නම කුමක් ද?
(05) මහත්මා ගාන්ධිතුමන් පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටත්ව ගියේ කුමන රටට ද?
(06) නීතිඥයෙකු ලෙස සේවය කිරීම සඳහා මහත්මා ගාන්ධීතුමන් පිටත්ව ගියේ කුමන රටට ද?
(07) ගාන්ධිතුමන් අනුගමනය කල අවිහිංසාවාදී උපක්‍රම 04 ක් දක්වන්න.
(08) මහත්මා ගාන්ධිතුමන් දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණ 5ක් සඳහන් කරන්න.
(09) ශ්‍රී ලංකාවට මහත්මා ගාන්ධිතුමන් පැමිණියේ කුමන වර්ෂයේ ද ?  ලංකාවට පැමිණීමෙන් පසු ජනතාව අමතා කථා පැවැත්වූ ස්ථාන මොනවා ද?
(10) අල්හිලාල් නම් පුවත්පත ආරම්භ කරනු ලැබූවේ කවුරුන් විසින් ද?

2020.05.12                                    අභ්‍යාස 23

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) දෙවන ලෝකමහා සංග්‍රාමය නිමාවට පත්වූයේ කුමන වර්ෂයේ ද?
(02) චර්ච්ල් ගේ ආණ්ඩුපක්ෂය පරාජයට පත්වී බලයට පත්වූයේ කවුරුන් ද?
(03) දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භයේ සිට ඉන්දියාවට නිදහස ලැබෙන තෙක් ඉන්දියානු දේශපාලනයෙහි කැපී පෙනෙන ලක්ෂණ 4ක් සඳහන් කරන්න?
(04) ඉන්දියාව තුල තාවකාලික ආණ්ඩුවක් පිහිටවූයේ කුමන වර්ෂයේ ද?
(05) ඉන්දියාවේ අවසන් බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා කවුරුන් ද?
(06) ඉන්දියාවට නිදහස හිිමිවූයේ කවදා ද?
(07) දෙවන ලෝකමහා සංග්‍රාමය අවසානයේ බ්‍රිතාන්‍යයට පරාජයට පත්කල නොහැකි වූ  ඉන්දීය බලවේගය කුමක් ද?
(08) සම්භවනීය මහල්ලා යනුවෙන් හැඳින්වූයේ කවුරුන් ද?
(09) සිවිල් සේවයට බැඳුණු ප්‍රථම ඉන්දීය ජාතිකයා කවුරුන් ද?
(10) ඉන්දියානු ජාතික සංවිධානය පිහිටවූයේ කවුරුන්ද? එය පිහිටවූයේ කුමන වර්ෂයේ ද?



2020.05.11                                     අභ්‍යාස 22

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) මහත්මා ගාන්ධිතුමන් අනුගමනය කළ අවිහිංසාවාදී  සටන් උපක්‍රම මොනවා ද?
(02) සහයෝගීතා වර්ජන ව්‍යාපාරය මහත්මා ගාන්ධීතුමන් විසින් අරම්භකරන ලද්දේ කුමන වර්ෂයේ ද?
(03) සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාර ආරම්භකරන ලද්දේ කුමන වර්ෂයේ ද?  එමගින් සිදුවූයේ කුමක් දැයි විස්තර කරන්න.
(04) දණ්ඩ් පාගමන යනුවෙන් හැඳින්වූයේ කුමක් ද?
(05)  ගාන්ධි අර්වින් ගිවිසුම යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න.
(06) පෙඩරල් ව්‍යුහයකින් යුක්ත ආණ්ඩු පනතක් හඳුන්වාදුන්නේ කුමන වර්ෂයේ ද?
(07) 1937 වර්ෂයේ දී  පැවති මැතිවරණයෙන් පසු ඇති වූ තත්ත්වය පැහැදිලි කරන්න.
(08) බ්‍රිතාන්‍ය අගමැති වින්සටන් චර්ච්ල් විසින් ඉන්දියානුවන් ගේ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කිරීමට බලපෑ හේතූන් මොනවා ද?
(09) පාකිස්ථානය යනුවෙන් වෙනම රටක් පිහිටුවා ගැනීමට කටයුතු කරනු ලැබූවේ කවුරුන් ද?
(10) ජාතික සංගමය නීති විරෝධී සංවිධානයක් ලෙස ප්‍රකාශ කොට නායකයින් අත්අඩංගුවට ගැනීමට බලපෑ  ප්‍රධාන හේතුව කුමක් ද?   


2020.05.09                                     අභ්‍යාස 21

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා


(01) මුස්ලිම් ලීගයේ අරමුණු මොනවා ද?
(02) ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගෙන  බන්ධනාගාර ගත කළ ඉන්දීය නිදහස් සටනේ නායක්යින් 5 දෙනෙකු සඳහන් කරන්න.
(03) බෙංගාලය බෙදීමට ඉංග්‍රීසීන් කටයුතු කරනු ලැබුවේ කුමන හේතුව නිසාවෙන් ද?
(04) ඉන්දියාවෙන් බෙංගාලය බෙදා වෙන් කිරීම සිදුවූයේ කුමන වර්ෂයේ ද?  
(05) අත්අඩංගුවට ගැනීමට අමතරව ස්වදේශිකයන්ගේ එකමුතුව වැලැක්වීමට ඉංග්‍රීසින් ගත් පියවර මොනවා ද?
(06) ස්වරාජ්‍ය යනු මාගේ උරුමයකි එය මම ලබා ගනිමි. යනුවෙන් ප්‍රකාශ කරනු ලැබුවේ කවුරුන් ද?
(07) මහත්මා ගාන්ධිතුමන් අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව නිරතවූයේ කුමන වෘත්තියෙහි ද?
(08) දකුණු අප්‍රිකාවේ සිට මහත්මා ගාන්ධීතුමන් ඉන්දියාවට පැමිණියේ කුමන වර්ෂයේ ද?
(09) චම්පරන් ව්‍යාපාරය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(10) ඛේඩා ව්‍යාපාරය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?

2020.05.07                                      අභ්‍යාස 20

නාලන්දා විද්‍යාලය කොළඹ 9 ශ්‍රේණිය ඉතිහාසය පළමු වාර පරීක්ෂණය



2020.05.06                                     අභ්‍යාස 19

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01)  ඉංග්‍රීසීන් විසින් රෝලට් පනත පැනවූයේ කුමන වර්ෂයේ ද?
(02) රෝලට් පනත මගින් සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කරන්න
(03) මහත්මා ගාන්ධිතුමන් විසින් අනුගමනය කල සත්‍යග්‍රහ ව්‍යාපාරය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ? 
(04) මහත්මා ගන්ධිතුමන් අනුගමනය කළ සටන් ක්‍රමවේදය සඳහන් කරන්න
(05) ජලියන්වලා බාග් ඛේදවාචකය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(06) ඉන්දියානු ජනතාව තුල ආණ්ඩුවිරෝධී හැගීම් උත්සන්න වීමට බලපෑ ප්‍රධාන සාධක මොනවා ද?
(07) සහයෝගිතා වර්ජනය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? විස්තර කරන්න.
(08) 1920 වර්ෂයෙන් පසු ජාතික සංගමය අනුගමනය කල  ක්‍රියාමාර්ග 5ක්  සඳහන් කරන්න.
(09)  1920-1947 අතර කාලයේ ඉන්දියානු ජාතික සංගමයේ ක්‍රියාකලාපය පැහැදිලි කරන්න.
(10) මුස්ලිම් ලීගය පිහිටවූයේ කවුරුන්ද ?කුමන වර්ෂයේ ද?

2020.05.04                                     අභ්‍යාස 18

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) ඉන්දියාවට නිදහස ලැබෙන තෙක්ම එරට නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් සංවිධානය කුමක් ද?
(02)  මුල් කාලීනව ඉන්දියානු ජාතික සංගමයේ  ප්‍රධාන අරමුණු 03ක් සඳහන් කරන්න.
(03)  ඉන්දියානු ජාතික සංගමය මුල් අවධියේ දී නියෝජනය කරනු ලැබූවේ කවුරුන් ද?
(04) මධ්‍යස්ථවාදීන් යනු කවුරුන් ද? එවැනි පුද්ගලයින් 04 දෙනෙකු නම් කරන්න.
(05) මධ්‍යස්ථ මතවාදීන්ගේ බලපෑමට ඉන්දියානු ජාතික සංගමය ලක්වතිබූ අවධියේ දී ආණ්ඩුව වෙත ඉදිරිපත් කල ඉල්ලීම් 5ක් සඳහන් කරන්න.
(06) මධ්‍යස්ථ මතවාදීන්ගේ බලය දුර්වල වී ඉන්දියානු ජාතික සංගමයේ බලය හිමිවූයේ කා හට ද?
(07) අන්තවාදී ච්න්තනය පෝෂණය කළ ග්‍රන්ථ කතුවරුන්  තිදෙනෙකු නම් කරන්න.
(08) ස්වදේශී ව්‍යාපාරය යනුවෙන් හැඳින්වූයේ කුමක් ද?
(09) 1909 හා 1919 ඉංග්‍රීසි  ආණුඩුක්‍රම  ප්‍රතිසංස්කරණ මොනවාද ? එමගින් ඇතිවූ වෙනස්කම් මොනවා ද?
(10) ස්වරාජ්‍ය සංකල්පය යනු කුමක් ද?

2020.05.03                                     අභ්‍යාස 17

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) බ්‍රහ්ම සමාජය පිහිටවූයේ කවුරුන් විසින් ද?
(02) හින්දු පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමියා කවුරුන් ද?
(03) හින්දු ආගම හා සමාජ ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුකළ  සංවිධාන මොනවා ද?
(04) ඉන්දියානු සමාජයෙහි  මුස්ලිම් සහ සීක් සංස්කෘතික ප්‍රබෝධය ඇති කිරීමට ඉවහල් වූ සංවිධාන මොනවා ද?
(05)  ඉන්දියානු ජාතිකත්වය ගොඩනැගීමට ඉවහල් වූ ප්‍රධාන සාධක මොනවා ද?
(06)  නිදහස , ප්‍රජාත්‍රන්තවාදය වැනි යුරෝපීය ආකල්ප පිළිබඳ ඉන්දියානුවන්ට අවබෝධය ලැබුනේ කුමන ආකාරයෙන් ද?  
(07)  ඉන්දියානුවන් තුළ දේශානුරාගය වර්ධනය වීමට බලපෑ හේතු 4ක් දක්වන්න.
(08)  ඉන්දියානු ජාතික සංගමය පිහිටුවීමට බල පෑ ප්‍රධාන සාධකය කුමක් ද?
(09) ඉන්දියානු ජාතික සංගමය පිහිටවූයේ කවුරුන් ද? කුමන වර්ෂයේ ද?
(10)  ඉන්දියානු ජාතික සංගමයේ ප්‍රථම සභාපති කවුරුන් ද?


2020.05.02                                     අභ්‍යාස 16

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01)  සිපොයි හමුදාව ලෙස හැඳින්වූයේ කවුරුන් ද?
(02) සිපොයි හමුදාවට වැඩි වශයෙන් අයත් වූයෙ කුමන ජාතින් ද?
(03) සිපොයි කැරැල්ල යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(04) සිපොයි කැරැල්ල ඇතිවීමට බලපෑ හේතු 05ක් සදහන් කරන්න.
(05) ආසන්නතම සිදුවීම ලෙස හඳුනාගත හැකි, සිපොයි කැරැල්ලට බලපෑ හේතුව සඳහන් කරන්න,
(06) සිපොයි කැරැල්ල අසර්ථකවීමට බලපෑ හේතු 05ක් සඳහන් කරන්න.
(07) ඉන්දියවේ අනාගතය කෙරෙහි බලපාන ප්‍රථිපල රැසක්  සිපොයි කැරැල්ලෙන් පසුව ඇතිවිය. එබඳු ප්‍රතිඵල 3ක් සඳහන් කරන්න,

2020.05.01                                     අභ්‍යාස 15

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) 1613 වර්ෂයේ ඉංග්‍රීසීන් සුරාට්වල වෙළඳ ගබඩාවක් පිහිටුවා ගැනීමෙන් පසු බලය අත්පත් කරගත් ප්‍රදේශ මොනවා ද?
(02) පෘතුග්‍රීසීන් විසින් බොම්බාය නගරය ඉංග්‍රීසීන්ට දායාදයක් ලෙස පැවරීමට හේතුව පැහැදිලි කරන්න.
(03) පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම පිහිට වූ වර්ෂය සඳහන් කරන්න.
(04) ප්‍රංශ ජාතිකයන් ඉන්දියාවට පැමිණියේ කුමන වර්ෂයේ ද? අනතුරුව ඔවුන් විසින් වෙළඳ ගබඩාවක් ඉදිකරනු ලැබූවේ කුමන ප්‍රදේශයේ ද?
(05)  ප්‍රංශ ජාතීකයන් විසින් ඉන්දියාව තුල බලකොටු ඉදිකල ප්‍රදේශ මොනවා ද?
(06)  මූගල් අධිරාජ්‍යය ඉන්දියාව තුල ව්‍යාප්ත වූ ආකාරය විස්තර කරන්න.
(07) ඖරසෙබ් 1707 වර්ෂයේ මිය යාමෙන් අනතුරුව ඉන්දියාව තුල ඇති වූ දේශපාලන තත්ත්වය විස්තර කරන්න,
(08)  ඉන්දියාවේ ප්‍රංශ බලය පිරිහීමට බලපෑ ප්‍රධානතම සාධකය කුමක් ද?
(09)  ඉන්දියාව තුල අභ්‍යන්තර බලය පිහිටුවීම ඉංග්‍රීසීන් ආරම්භකරනු ලැබූවේ කුමන ප්‍රදේශයෙන් ද?
(10) උපකාරක ගිවිසුම ක්‍රමය හා අස්වාමික න්‍යාය යනුවෙන් හැඳින්වූයේ කුමක් දැයි පැහැදිලි කරන්න,

2020.04.30                                     අභ්‍යාස 14

4 පාඩම - ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01)  වස්කෝද ගාමා ඉන්දියාවට පැමිණියේ කුමන වර්ෂයේ ද?
(02)  ඉන්දියාවට පැමිණි බටහිර ජාතීන් කවුරුන් ද?
(03) 19 වන හා 20 වන සියවස් වල ඉන්දියානු සටන් ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණ මොනවා ද?
(04) ඉන්දියානු සාගරයේ අරාබි වෙළඳ කටයුතු අඩපන වීමට බලපෑ ප්‍රධානතම සාධකය කුමක් ද?
(05) පෘතුගීසීන්ට ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශවල බලය පතුරුවා ගැනීමට බලපෑ ප්‍රධානතම සාධකය කුමක් ද?
(06) 1510 වර්ෂයේ දී ගෝව  ප්‍රදේශය යටත්කරගනු ලැබූවේ කවුරුන් විසින් ද?
(07)  පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම ඉන්දියානු සාගරයට එවනු ලැබූවේ කුමන වර්ෂයේ ද?
(08) පෙරදිගට පැමිණි ලන්දේසීන් මුලින්ම අවධානය යොමු කරනු ලැබූවේ කුමන ප්‍රදේශයන් කෙරෙහි ද ?
(09) පීටර්සර් කූන් යනු කවුරුන් ද?
(10) ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණෙන විට එහි පැවති අධිරාජ්‍ය කුමන නමකින් හැඳින් වේ ද?

2020.04.29                                     අභ්‍යාස 13

3 පාඩම - ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01)  ඉස්ලාම් පුනරුද ව්‍යාපාරයට නායකත්වය දුන්නේ කවුරුන් විසින් ද?
(02) සිද්ධිලෙබ්බේ මහතාට ඉස්ලාම් පුනරුදය සඳහා සහාය දුන් විදේශීය ජාතිකයා කවුරුන් ද?
(03) ඔහු ශ්‍රී ලංකාවට පැම්ණී වර්ෂය සඳහන් කරන්න.
(04) ඔහු පිටුවහල් කරනු ලැබුවේ කවුරුන් විසින් ද?
(05) මුස්ලිම් පුනරුද ව්‍යාපාරය යටතේ ජනතාව  දැනුම්වත් කිරීමට යොදාගත් මුද්‍රිත මාධ්‍ය කුමක් ද?
(06) මුස්ලිම් දරුවන්ගේ ඉස්ලාම් අධ්‍යාපනය නගාසිටුවීම සඳහා සිද්ධිලෙබ්බේ මහතා විසින් ආරම්භ කළ විද්‍යාලය කුමක් ද?
(07) සිද්ධිලෙබ්බේ මහතා විසින් ඉස්ලාම් පුනර්ජීවන ව්‍යාපරය සඳහා ඉටුකල මෙහෙවර දක්වන්න.
(08) කොළඹ සහිරා විද්‍යාලයේ ශාඛා  රටපුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කලේ කවුරුන් ද?
(09) ටී.බී ජයා මහතා විදුහල්පති ධූරය දැරූ පාසල් මොනවා ද?
(10)  ටී.බී.ජයා මහතා අතින් සිදුවූ සේවාවන් මොනවා ද?

 viber - 0789110211


2020.04.28                                     අභ්‍යාස 12

3 පාඩම - ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) අනුරාධපුරයේ නටඔුන්ව ගිය පුජනිය  ස්ථාන ආරක්ෂාකර ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබුවේ කවුරුන් ද ?
(02) අනගාරික ධර්මපාල තුමන් ගේ මුල් නම කමක් ද ?
(03)  අනගාරික ධර්මපාල තුමන් පැවිදිවූයේ කුමන නම්න් ද ?
(04) ධර්මපාලතුමන් සිදුකල සේවාවන්  5ක් සඳහන් කරන්න .
(05)  හින්දු පුනරුද ව්‍යාපාරයේ කැපිපෙනෙන ලක්ෂණ මොනවා ද ?
(06) උදයභාණු පුවත්පත ආරම්භකරනු ලැබුවේ කවුරුන් විසින්ද? 
(07) හින්දු පුනරුද සමයේ යාපනය ප්‍රදේශයේ ආරම්භකල හින්දු පාසල් මොනවා ද ?
(08) ආරුම්ග නාවලර් තුමා විසින් සිදුකල සේවාවන් 5ක් සඳහන් කරන්න .
(09) හින්දු පුනරුද ව්‍යාපාරය ඉදිරියට රැගෙන ගියේ කවුරුන් විසින් ද ?
(10) කෘෘව් මැකලම් ආණ්ඩුක්‍රමය යටතේ තේරීපත් වූ ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා කවුරුන් ද?

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා  


2020.04.27                                     අභ්‍යාස 11

3 පාඩම - ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

(01) බෞද්ධ පුනරුද සමයේ මෙරට බිහි වූ බෞද්ධ ප්‍රකාශන මොනවා ද?
(02) මිෂනාරී පූජකවරුන් සමග වාද විවාද පැවැත්වූ භික්ෂූන් වහන්සේලා කවුරුන් ද?
(03) පංචමහා වාදය යනු කුමක් ද?
(04) පානදුරා වාදයෙන්  පසු මෙරටට පැමිණියේ කවුරුන් ද?
(05)  මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් සිදුකල සේවාවන් දෙකක් සඳහන් කරන්න.
(06)  මෙරට බෞද්ධ පාසල් පිහිට වූ  ආකාරය විස්තර කරන්න.
(07)  බෞද්ධ පුනරුද සමයේ මෙරට ආරම්භ කළ බෞද්ධ පාසල් මොනවා ද?
(08) ඕල්කට්තුමා කුමන ජාතිකයෙක් ද?
(09) ඕල්කට්තුමාගෙන් සිදුවූ සේවාවන් 4ක් දක්වන්න.
(10) දේශීය සංස්කෘතිය , ජාතිකාභිමානය නැවත නගාසිටුවීමට ක්‍රියාකළ නායකයින් 5 දෙනෙකු සඳහන් කරන්න,

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා  


2020.04.26                                     අභ්‍යාස 10

3 පාඩම - ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01)  පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් ඇදහූ ආගම් මොනවා ද ?
(02) මිෂනාරි සංවිධාන යනු මොනවා ද ?
(03) තම ආගම ව්‍යප්ත කිරීමට මිෂනාරි සමාගම් විසින් යොදාගත් ක්‍රමවේද මොනවා ද? 
(04) අධ්‍යාපනය ඔස්සේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කල අයුරු විස්තර කරන්න .
(05) ලේඛන හා දේශන මාධ්‍ය යොදාගනිමින් මිෂනාරි සංවිධාන ආගම පැතිරවූ ආකාරය විස්තර කරන්න .
(06) 19 වන සියවස අගභාගය වන විට මෙරට ආගමික ප්‍රබෝධය ඇති වීමට බලප සාධක තුනක් සඳහන් කරන්න 
(07)  බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ කැපීපෙනෙන ලක්ෂණ 5ක් දක්වන්න .
(08) බෞද්ධ පුනර්ජීවන යටතේ මෙරට පිටවූ  පිරිවෙන් මොනවා ද ?
(09) හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් සිදුකල සේවාවන් මොනවා ද ?
(10) ලංකෝපකාර මුද්‍රණාලය පිහිටවූ ආකාරය විස්තර කරන්න .

2020.04.25                                     අභ්‍යාස 09

2 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01) වාරි කර්මාන්තය පිළිබඳ සොයා බැලීම සඳහා 1855 කාරකසභාවක් පත්කරනු ලැබ්වේ කවුරුන් විසින් ද ?
(02) වාරි මාර්ග පිළිබඳ සොයාබැලීමට කොමිෂන් සභාවක් පත්කරනු ලැබ්වේ කවුරුන් විසින්ද ?
(03) විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් සිදුකල වාරි ප්‍රතිසංස්කරණ මොනවා ද ?
(04) වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිහිටවූයේ කවුරුන් විසින්ද කුමන වර්ෂයේ ද ?
(05) සමූපකාරසමිති පිහිට වූයේ කවුරුන් විසින්ද කුමන වර්ෂයේ ද ?
(06)  සමූපකාර සමිති පිහිටුවීමේ ප්‍රධාන ඇරමුණු මොනවා ද ?
(07) ප්‍රථම ලෝක සංග්‍රාමය ඇති වූ වර්ෂය සඳහන් කරන්න .
(08) ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇතිකරනු ලැබුවේ කුමන වර්ෂයේ ද ?
(09) ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ දේශපාලනඥයින් ගම්බද  ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හේතුවූ සාධකය කුමක් ද ?
(10) වියළි කලාපයේ ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ කවුරුන් විසින් ද ?
ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

2020.04.24                                     අභ්‍යාස 08

2 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01) තේ වගාව මුලින්ම මෙරටට හඳුන්වා දුන්නේ කවුරුන් විසින් ද ?
(02) මෙරට තුල තේ වගාව මුලින්ම ව්‍යාප්ත වූ ප්‍රදේශය සඳහන් කරන්න .
(03)  1890 වන විට මෙරට තේ අක්කර කොපමණ ප්‍රමාණයක් පැවතියේ ද ?
(04)  තේ වගාවේ ව්‍යාප්තියට බල පෑ  සාධක මොනවා ද ?
(05) 1910 වන විට පොල් වගාව ව්‍යාපත් වූ ප්‍රදේශ මොනවා ද ?
(06) පොල් පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ කුමන ප්‍රදේශයේ ද  ?
(07) රබර් වගාව මෙරට ව්‍යාප්ත වූ ආකාරය පැහැදිලි කරන්න .
(08)  රබර් වගාවේ උන්නතියට බල පෑ  සාධක 4ක් දක්වන්න .
(09  මෙරට කෘෂි ආර්ථිකයට 1840 ඉඩම් පනත බල පෑ  ආකාරය විස්තර කරන්න .
(10) කෝල්බෘෘක් කොමිසම මෙරට තුල ක්‍රියාත්මක වූයේ කුමන වර්ෂයේ සිටද?

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

2020.04.23                                     අභ්‍යාස 07

2 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01) බ්‍රිතාන්‍යයන් වතු වගාව මෙරට ආරම්භ කිරීමට පෙර මෙරට ආර්ථිකය පැවති ආකාරය විස්තර කරන්න .
(02) 1829 ලංකාවට පැමිණි කෝල්බෘෘක්  කොමිසම ක්‍රියාත්මක වූයේ කවදා සිට ද ?
(03) කෝල්බෘෘක් කොමිසමේ යෝජනා තුනක් සඳහන් කරන්න
(04) 1840 මුඩුබිම් පනත මගින් උඩරට ඉඩම් සඳහා අත්වූ ඉරණම පහදන්න
(05) කෝල්බෘෘක් කොමිසම පත්කිරීමේ ප්‍රධාන අරමුණ මොනවා ද ?
(06)  ඉංග්‍රීසින් විසින් පෞගලික ව්‍යාපාරවලට ගැලපෙන ලෙස තම ප්‍රතිපත්ති වෙනස් කල අයුරු විස්තර කරන්න
(07) කෝපි  වගාවේ දියුණුවට බලපෑ සාධක මොනවා ද ?
(08) කොපි වගාවේ පරිහානිය සඳහා බලපෑ  සාධක මොනවා ද ?
(09) ක්වීනින් යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
(10) කෝපි වගාවේ පරිහානියට සඳහා බලපෑ  සාධක මොනවා ද ?
ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

2020.04.22                                     අභ්‍යාස 06

2 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) දෙවන නිදහස් අරගලය ඇතිවූ වර්ෂය සඳහන් කරන්න 
(02) දෙවන නිදහස් අරගලය සඳහා මුලිකත්වය ගනු ලැබුවේ කවුරුන්ද ?
(03) 1840 ඉඩම් පනත මගින් උඩරට ඉඩම් වලට ඇතිවූ බලපෑම විස්තර කරන්න .
(04) ටොරින්ටන් සාමිවරයා විසින් පනවන ලද නව බදු වර්ග මොනවා ද ?
(05) දෙවන නිදහස් අරගල ඇති වූ ආකාරය විස්තර කරන්න .
(06) දෙවන නිදහස් අරගලයේ නායකයින් කවුරුන් ද ?
(07) දෙවන නිදහස් අරගලය අසාර්ථක වීමට බලපෑ සාධක තුනක් විස්තර කරන්න .
(08) දෙවන නිදහස් අරගලයෙන් පසු ඇති වූ ප්‍රතිපල තුනක් සඳහන් කරන්න .
ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

2020.04.21                                     අභ්‍යාස 05

2 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) හජ්ජි මරික්කාර් යනු කවුරුන් ද ?
(02) 1818 කැරැල්ල මර්ධනය කිරීමට යොමු කරන ලද්දේ කවුරුන් ද ?
(03) කැප්පෙටිපොළ දිසාව විසින් 1818 කැරැල්ල අවස්ථාවේ සිදුකල ක්‍රියාව සඳහන් කරන්න .
(04) 1818 කැරැල්ල පැතිරගිය ප්‍රදේශ මොනවා ද ?
(05) පළමු නිදහස් අරගලයේ නායකයින් පස්දෙනෙකු නම් කරන්න
(06) මාර්ෂල්ලෝ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?
(07) 1818 නිදහස් අරගලය අසාර්ථක වීමට බලපෑ  සාධක මොනවා ද ?
(08) පළමු නිදහස් අරගලයේ ප්‍රතිඵල මොනවා ද ?
ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

2020.04.19                                     අභ්‍යාස 04

2 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01) 1803 වර්ෂයේ උඩරට ආක්‍රමණය අසාර්ථක වීමට බලපෑ  හේතු මොනවා ද ?
(09)  ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයාගෙන් අනතුරුව  මෙරටට පැමිණි ආණ්ඩුකාරවරයා කවුරුන්ද
(03) ජෝන් ඩොයිලි විසින් ඉටුකල කාර්යන් 3ක් සඳහන් කරන්න
(04) ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා රදලයින් අතර ඇති වූ ගැටුම් තුනක් සඳහන් කරන්න .
(05) ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා සාමාන්‍ය  ජනයා අතර ඇතිවූ ගැටුම් මොනවා ද ?
(06) ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට  පත්වූ ආකාරය විස්තර කරන්න
(07) උඩරට ගිවිසුම අත්සන් කරන ලද්ද්දේ කොහිදී ද ?
(08) උඩරට ගිවිසුමට අත්සන් තබනු ලැබු පාර්ශවයන් කවුරන්ද ?
(09)  1818  පළමු නිදහස් අරගලයට බලපෑ ආසන්නතම සාධකය කුමක් ද ?
(10)  1818 සටනට තුඩු දුන් හේතු මොනවා ද ?

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 

2020.04.18                                     අභ්‍යාස 03

2 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01)  ඉංග්‍රීසින්ට එරෙහිව 1797 වර්ෂයේ කැරැල්ලක්  ඇතිවීමට බලපෑ හේතු තුනක් දක්වන්න .
(02) ද්විත්ව පාලනය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?
(03)  කිරීට යටත් විජිතයක් ලෙස හඳුන්වන්නේ කුමක් ද ?
(04)  1803 උඩරට ආක්‍රමණය ක්‍රියාත්මක කළ ආණ්ඩුකාරවරයා කවුරුන්ද ?
(05)  1803 උඩරට ආක්‍රමණය කිරීම සඳහා ඉංග්‍රීසින් කටයුතු කිරීමට බලපෑ  හේතු මොනවාද ?
(06)  1798 වර්ෂයේ රාජසිංහ රජුගෙන් අනතුරුව උඩරට රජු බවට පත්වුයේ කවුරුන්ද ?
(07)   මුත්තුසාමි කුමාරය යනු කවුරුන්ද ?
(08)   1803 උඩරට ආක්‍රමණය සිදුකල ආකාරය විස්තර කරන්න .

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 





2020.04.16                                     අභ්‍යාස 02

2 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01)   වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ට වැදගත් විය. උදාහරණ 3ක් සඳහන් කරන්න. 
(02)   ඉංග්‍රීසින්ගෙන් සහාය ලබාගැනීමට උඩරට රජවරු කටයුතු කිරීමට බලපෑ හේතු මොනවා ද ?
(03)   උඩරට රාජ්‍ය හා ඉංග්‍රීසින් අතර සිදුවූ දූත ගමන් මොනවා ද ?
(04)   රාජාධිරාජසිංහ රජු ඉංග්‍රීසින් පලවා හැරිමට සහාය ඉල්ලා සිටියේ  කුමන පුද්ගලයාගෙන් ද ?
(05)   ලන්දේසීන්ගේ මව්  රට කුමක් ද ?
(06)   කිව් ලිපිය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?
(07)   කිව්  ලිපිය එවනු ලැබුවේ කාහටද ?
(08)   ඉංග්‍රීසින් විසින් අල්ලාගනු ලැබූ බලකොටු මොනවා ද ?
(09)   බ්‍රිතාන්‍ය පාලනයේ කැපී  පෙනෙන ප්‍රධාන අවස්ථා තුනකි  ඒ මොනවා ද ?
(10)   අවුමිල්දාර්වරුන් යනු කවුරුන්ද ?

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 




2020.04.15                                         අභ්‍යාස 01

02 පාඩම
9 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය 

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න 

(01)  බ්‍රිතාන්‍ය පාලන සමය මෙරට අරම්භවූ යේ  කවදාද ?
(02)  ඉංග්‍රීසින් උඩරට යටත්කරගනු ලැබු වර්ෂය සදහන් කරන්න .
(03)   මෙරට කොපමණ කාලයක්  ඉංග්‍රීසින් පාලනය කරනු ලැබුවේද ?
(04)  ඉංග්‍රීසින් මෙරට යටත් කර ගැනීමට බලපෑ ප්‍රධාන සාධක තුනක් සදහන් කරන්න .
(05)  ශ්‍රී ලංකාවේ පිහිටිම ඉංග්‍රීසින්ට වැදගත් වුයේ කුමන හේතු නිසාවෙන්ද ?
(06) ත්‍රිකුණාමලය  වාරයේ වැදගත්කම විස්තර කරන්න.
(07)  වෙළද කටයුතු වලදී ශ්‍රීලංකාව වැදගත් විය. ඊට බලපෑ හේතු විස්තර කරන්න .

ඔබගේ  පිළිතුරු යොමු කිරීම සඳහා 


Comments

  1. Sir 3 padamenuth pavarum dennakoo????🙆

    ReplyDelete
  2. ඉතිහාසය විෂය හදාරණ සියලුදෙනාට ගොඩක් වටින වැඩක් .ස්තූති‍යි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

11 ශ්‍රේණිය පින්තූර ආශ්‍රිත කෙටි ප්‍රශ්ණ

ශ්‍රී ලංකාව ජනාවාස වීම

ගින්නලිය මහා විද්‍යාලය